IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


රට යවන ශාකවලට ගාල්ලෙන් සහතික දෙන තැනක්

(අංජුල මහික වීරරත්න)

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.

ශාක නිරෝධායන සේවය මෙතෙක් කොළඹට සීමා වී තිබූ නිසා උතුර, නැගෙනහිර, දකුණ හා මධ්‍යම පළාත් වල ජනතාවට ශාක නිරෝධායන සේවාවන් ලබා ගැනීමේ දී විශාල මුදලක් දරමින් හා කාලය, ශ්‍රමය වැය කරමින් කොළඹට පැමිණීමට සිදු වන බවට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබී තිබිණි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා  කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට අමතරව යාපනය හා මහනුවර තැපැල් කාර්යාල ආශ්‍රිතව ද ශාක නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

ගාල්ලේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය කමනී රණතුංග මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (1)

රට යවන ශාකවලට ගාල්ලෙන් සහතික දෙන තැනක්

chandima Monday, 06 May 2024 06:26 PM

යාපනයේ, අනුරාධපුරේ, පොළොන්නරුවේ, මජඩකලපුවේ, නුවර එළියේ මිනිස්සු පාරෙත් අරන්... කොළඹට හරි, ගාල්ලට හරි යන්න ඕනෑ නිරෝධායනය කරන් එන්න. මේවා දුරින් තියන තරමට තමයි අදූරදර්ශී දැක්ම කියන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩයනාට එරෙහිව අපරාධ නඩු සංග්‍රය යටතේ ක්‍රියා කරන්න උපදෙස්
2024 මැයි මස 19 26 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍


මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
2024 මැයි මස 19 45 0

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව


ජනපතිවරණය පැවැත්වෙන දිනය කියයි
2024 මැයි මස 19 136 0

ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 හෝ 12 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2024 මැයි මස 19 58 0

බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


‘බෙනී ගානට්ස්‘ගෙන් රතු එළියක්
2024 මැයි මස 19 355 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා


ගංගා,ඇළ,දොළ භාවිතයේදී පරිස්සම් වෙන්න
2024 මැයි මස 19 62 0

නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site