දක්ෂිණ අධිවේගි මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළත් කර රුවන්පුර අධිවේග මාර්ග ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීමට සුදුසු කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කහතුඩුවේදී ඉදිකරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර 1 මාර්ග කොටස ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්රියාවලියන 2026 වර්ෂය තුළදී නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
ඒ අනුව 2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තු පිරිවැයක් යටතේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd