
(ළහිරු හර්ෂණ)
දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේගේ "පත්තර මල්ලී" වැඩසටහනට වසර 25ක් සැපිරිම නිමිතෙන් පැවැති විශේෂ සමරු වැඩසටහන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (25) සවස පැවැත්විණි.
මෙම සැමරුම් වැඩ සටහනේ ප්‍රධාන දේශනය ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා විසින් පැවැත්වු අතර, නුවන් ලියනගේ රේඩියෝ භූමිකාව මැයෙන් නාලක ගුණවර්ධන මහතා විසින් කෙටි දෙසුමක් පැවැත්විණ.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පුවත්පත් කතුවරුන්, මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නුවන් මහතාගේ හිතවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
හොඳ වැඩක් ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුළුයි
නුවන් සහොට ජය වේවා...