IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රිදියගම සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාවක්

(සනත් ගමගේ)

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබිමට මහජනතාවට අවස්ථාව උදා කර ඇත.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ලාරා සිංහ මවට හා ඩෝරා සිංහ දුවට දාව උපන් සිංහ පැටවු හය දෙනාට මේ වන විට මාස තුනක් පමන ගත වි ඇති හෙයින් ඉදිරි මාසයේ මහජන ප්‍රදර්ශනයට යොමුකරන බැවින් නම් තැබිමට මහජනතාවටද අවස්ථාවක් සලසා ඇති බව අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අධ්‍යක්ෂ වරයා මහජනාවට දැනුම් දි ඇත.

ඩෝරා සිංහ මවට ගැහැණු පැටවු තිදෙනෙක් හා ලාරා සිංහ මවට ගැහැණු පැටවු දෙදෙනෙක් හා පිරිමි එක් පැටවෙක් උපත ලබා ඇත. පිරිමි පැටවු එක් පැටවෙකුට හා ගැහැණු පැටවු පස් දෙනෙකුට නම් තැබිමට නියමිතව ඇත.

ඒ අනුව තැපැල් පතක සිංහ පැටවු සඳහා යෝජනා කරන නම පැහැදිලිව සටහන් කර දුරකතන අංකය සහිතව අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට යොමු කරන ලෙසට අධ්‍යක්ෂ වරයා ඉල්ලා සිටී.



අදහස් (8)

රිදියගම සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාවක්

ගමේ එකාලා Wednesday, 22 January 2025 02:00 PM

එක්කෙනෙකුට පින් ජනපතිගේ නම් දාන්න බැරිය. අනික් අයටත් විපක්ෂයේ අයගේ නම් ගැළපෙනවා.

:       9       6

කටිංWednesday, 22 January 2025 02:34 PM

ඕනෑම නම් කටිං විතරක් වැඩකරන ජනාධිපති අන්දරේ කියලත් දාන්න පුළුවන්...!

:       3       5

පොඩිඑකා Wednesday, 22 January 2025 02:05 PM

ඉස්සරහ නම මොකක් වුණත්, අන්තිමට වික්‍රම ‘සිංහ’ කියලා දාන්න හොඳේ…!

:       1       11

Saman Wednesday, 22 January 2025 02:18 PM

දැන් මෙතන තාත්තගෙ නම මොකක්ද?

:       0       5

fewgfw Wednesday, 22 January 2025 03:19 PM

අනුර...!

:       4       5

රාජපස්ස Wednesday, 22 January 2025 06:20 PM

මේ තියෙන්නේ නම්…, නාමලී, යෝෂිතා, මයිනී, ගෝටී, බැසී… කොල්ලට චිචියා කියලා දාන්න. වාසගම ඉතිං දන්නවානේ…!

:       3       4

Perera Thursday, 23 January 2025 05:09 AM

මාර හෙරළියා , කියලත් දෙන්නෙකුට දාන්න.

:       0       0

Sudath Thursday, 23 January 2025 06:37 AM

කරුණාකර අවම වශයෙන් Google පත්‍රයක් භාවිතා කරමින් මෙය සබැඳිව ඉඩ දෙන්න. දැන් කවුරුත් පරණ තැපැල්පත් උත්සාහ කරන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site