IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රාජා මහෙන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

‘සිරස’ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ප්‍රමුඛ කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

රාජා මහේන්ද්‍රන් මහතා ‘කොවිඩ් 19’ ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ රාජා මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.



අදහස් (10)

රාජා මහෙන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

පප්ප Sunday, 25 July 2021 10:19 AM

නාලිකාව පසුගිය කාලවකවානුවේ කළ දේවල් ගැන ඇත්තේ දැඩි කලකිරීමකි... මා රනිල් ගැන කළකිරුණු කෙනෙකු වුවත් ඔහුට එළව එළවා පහර දුන් අයුරු ඉතා පිළිකුල්ය. කෙසේවෙතත් ඔබ නාලිකාව රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැන්කරන වැඩ කොටස මම අගය කරමි. ඔබට සුබ ගමන්...!!! 

:       32       66

Karunarathna Gampola. Sunday, 25 July 2021 10:32 AM

ඔබතුමාගේ මතුභවය සුඛිත, මුදිත වේවා...!!! 

:       19       172

kamal Sunday, 25 July 2021 10:55 AM

මොනතරම් වස්තුව තිබ්බත් යනකොට හැමෝටම හිස් අතින් තමයි යන්න වෙන්නේ. ඉන්නකම් කළ හොඳ විතරයි පවතින්නේ. මේ මහත අතිකාල ව්‍යාපාර නිසා අද දහස් ගණනක් ජීවිකාව කරගන්නවා. මෙතුමාට නිවන් සුව ලැබේවා...!!!

:       14       93

pradeepa Sunday, 25 July 2021 01:14 PM

රනිල්ට, මහින්දට, ගෝඨාභයට දැන් ටිකක් නින්ද යයි රෑට...

:       147       148

සෙනෙවිරත්න Sunday, 25 July 2021 02:10 PM

විශාල පිරිසකට රැකියා ලබාදී ඇති සාර්ථක ව්‍යවසායකයෙකි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන වැඩ කොටස අගය කරමි. එය තවදුරටත් කරනු ඇතැයි අපගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනයයි.

:       175       265

ඉක්දික Sunday, 25 July 2021 02:56 PM

ඔබට නිවන් සුව... සර්' තවතවත් ඔබ වැනි මිනිසුන් මේ දෙරනේ පහළ වේවා..!

:       205       250

kamal Sunday, 25 July 2021 04:20 PM

කාටත් මේ ටික තමයි. නමුත් ඊට කලින් තමන්ගේ වගකීම් කොටස ඉටු කරන්න. ඒක තමයි වැදගත්.. එහෙම නැතිට රටට, ජාතියට ගරහන්නෙක් වුණොත් ඒක තමන් යනකොට ගෙනියන්නේ නෑ.

:       74       128

විජිත් Sunday, 25 July 2021 05:14 PM

එකම දිශාවකට ඔහේ ගලාගෙන ගිය ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ධාරාවේ දිශානතිය වෙනස් කළ නිර්භීත මාධ්‍ය යෝධයෙක්... කවුදෝ කියලා තිබුණා ඇත්තම කතාවක් " රට ලස්සන කරන්න කළුගලක ඔලුව ගහගත්ත පුද්ගලයෙක්.." කියලා. මම ඒ කතාවම මෙහෙම කියන්නම් .." ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් උදෙසා රාජ්‍ය මර්දනයනම් ගිලටීනයට එක වරක් නොව දහස් වරක් ගෙලදුන් මාධ්‍ය වීරයෙක්..." . එදාටත් වඩා අද... රටේ සිදුවන දේ දැනගැනීමට නීතියෙන්ම රටේ ජනතාවට ඇති ශුද්ධ වූ අයිතියට " තහංචි දමා, මර්දනය කොට ඇති, මේ අප අත්විඳින " අවාසනාවන්තම යුගයේ, මෙතුමාගේ මාධ්‍යයන්, රටේ මිනිසුන් වෙනුවෙන් කරන උතුම්වූ මාධ්‍ය මෙහෙවරම ඇති... මතු ආත්මයක බුදුන් දැක නිවන් දකින්නට... මෙය මගේ පැතුමක් පමණක් නොව, රටපුරා විසිරි සිටින, ඇත්ත දැනගැනීමේ පිපාසාවෙන් පෙලෙන, ප්‍රජාතන්ත්‍රවාදී සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිහින මවන, ඒ සඳහා කැපවෙන ලක්ෂ සංඛ්‍යාත සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්.. ශ්‍රී ලාංකිකයින්ගේ අවංක ප්‍රාර්ථනයයි. ඔබතුමාට නිවන් සැප ලැබේවා...!!!

:       1       144

rasanga niroshan Sunday, 25 July 2021 05:44 PM

ලංකාවේ මාධ්‍ය කලාව අලුත්ම මානයකට ගෙනගිය උතුම් පුද්ගලයෙකි.. මෙවන් පුද්ගලයන් යළි යළිත් අපේ රටේම පහළ වේවා...

:       4       72

Palitha Gunaratne Sunday, 25 July 2021 10:54 PM

රාජ් මහෙන්ද්‍ර්න් මහත්තයා හොඳ මහත්තයා. මමත් වැඩකලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 6 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1085 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2442 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2824 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1405 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 361 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site