
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්‍රභාකරන් සමඟ "චැට් "එකක් දැමුවේ යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
තමා රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් මහතා වැරදි ප්‍රකාශයක් කර තිබූ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තමා නොව රාසමාණික්කම් මහතා නම් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පදිරිප්පු ආසන සංවිධායක කම ලබාගත් බවද කීය.
මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා (දෙජාසං) පාර්ලිමේන්තුවේදී ඊයේ (5) කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී රාසමාණික්කම් මහතා සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තනි තනිව හමුවී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක බවට පත් කිරීම සඳහා සඳහා සහයෝගය පළ කරමු යැයි පැවසූ බවයි.
COMMENTS
එදා ඔහේ දින්නත් අවූරුද්දක් යන්න ඉස්සෙල්ලා රවී, මලික් කට්ටුව ඔහේව ගෙදර යවනවා. හැමදාම වුනේ ඕක තමයි...
මේ මිනිස්සු කිසිම හිරිකිතයක් නැතිව ඇඟට පතට නොදැනී බොරු කියන හැටි. චැට් එකක් දැම්මා.. ඒ කියන්නේ මෙයත් ළඟ ඉඳලා තියෙනවා.
රාජපක්ෂවරු කොහොම වුනත් තමුන්නැහැලා නම් ප්‍රභාකරන් එක්ක චැට් කරපු හැටි රටම දන්නවා...
ඔබතුමා කොටි එක්ක ගහපු ගිවිසුමෙන්, ත්‍රිවිධ හමුදාවේ දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා... අද වගේ මතකයි.
ඔබතුමා එදා හොරු සමග දින 100 ජාතික ආණ්ඩු හැදුවේ නැතිනම් අද රටට මෙහෙම වෙන්නේ නැහැ. ඔබතුමා හොරු ඉක්මණටම අල්ලලා හිරේ දැම්මා නම් මේ ප්‍රශ්න අද නැත. දැන් ඇති, කරුණාකර ගෙදර යන්න. ඔබතුමා හිටියොත් ලබන සැරේ එජාපයට 3%වත් නැතිවෙනවා.
කවුරු කොහොම කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුවේ. තවද බුදුරජාණන් වහන්සේ ...,"නඡජ්ජා වසලෝ හෝති, නඡජ්ජා හෝති බ්‍රාහ්මණෝ... කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ"... කියලත් වදාරා තිබෙනවලු...
ඒක කලේ පක්ෂයේම සිටි මිලින්ද කියන පුද්ගලයා කියලයි ජනතාව දන්නේ.. ඒ නිසා තමයි මහින්දලා එයාට තානාපති තනතුරක් දුන්නේ කියලා හිතෙනවා.
ප්‍රභාකරන් අද ජීවතුන් අතර හිටියා නම් මේ රට මේ විදියට " චැට් " කරකර " ලැට් " වලකට වැටෙන්නේ නැත. ඔහු පළමුව කරන්නේ " උතුර " එකමුතු දෙමළ ජාතියටත්... " නැගෙනහිර " තෙලෙන් රටට උදව්කරන මුස්ලිම් ජාතියටත්... " දකුණ " කුලල් කාගන්නා අසමගි සිංහලයාටත් බෙදලා දීලා වැඩ කරලා පෙන්නපන් කියනවා..!!
සකල ගුරු නෙවෙයි... සකල ඥාණ. අනේද කියන්නේ..!
යහපාලන කාලේ හොරුන්ව හුරතල් කරලා දුන්නු සහයෝගය මදැයි. ඒකනේ එදත් නීතිවිරෝධීව පාර්ලිමේන්තුවට ආවම රාජපක්ෂ හොරු සද්ද නැතිව ඉන්නේ. බැසිලුත් ඒ පාරෙන්මනේ ගත්තේ..
කැලෑවැදිලා හිටපු කරුණාව, උපක්‍රමශීලිව ප්‍රභාකරන්ගෙන් වෙන්කරපු නිසා BBC එකත් එක්ක තිබ්බ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රභාකරන් රනිල්ව නම් කරේ " කපටි නරියා" කියලයි. යුරෝපයම එල්ටීටීඊ එක තහනම් කරන තැනට තල්ලු කරපු රනිල් කළ හොඳ නරකට වඩා බොහෝ වැඩි නිසා රනිල් ලංකාවට ණය නෑ කියලා අපි දන්නවා...
ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම්. මෙලහකටත් ලංකාවෙන් භාගයක් විතර මරලා. තවත් අය අබ්බගාතයෝ. රාජපක්ෂ පවුල මේ හැම අපහාසයක්ම විඳින්නේ... බලගතු රටවල් යුද්ධය නවත්වන්න කියද්දිත් අවසාන කළ නිසයි. රාජපක්ෂවරු නිහඬව සිටින්නේ සමහරක් සමග වැඩකර පලක් නැතිනිසයි.
ඔයත් දැන් අවුරුදු 40-60 ක් කළානේ දේශපාලනේ... මම සිංහලයෙක්, ඉතින් කටට එන්නේ සුද්ද සිංහල... ඒ කට වහගෙන ඉන්නම්. මං ගාව තාම ගොඩයන්න විසඳුම් තියෙනවා...