(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමල කොඩිතුවක්කු)
කොරෝනා ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික ප්‍රතිකාර ලබමින් සිටි රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මෙරට ප්‍රභූ පුද්ගලයන්ට මෙන් ම දෙස් විදෙස් ටිකට් ක්‍රීඩකයන්ගේ භෞතික චිකිත්සක ලෙස කටයුතු කළ ඒ මහතා දින කීපයක සිට කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය
ඒලියන්ත වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය උපදේශකවරයකු ලෙසද කළක් කටයුතු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ උනත් ජීවිතයක් මේ ආකාරයෙන් අකාලයේ අවසන් වීම කණගාටු දායක ආරංචියක්. එතුමාට නිවන්සුව අත්වේවා. (එළ මුත්‍රා මුට්ටි ගඟට දාපු එක මෝඩ වැඩක් කියල ඒවා කරපු අයට දැන්වත් තේරෙයිද මන්ද)
රාජකීය වෙදදුරෙකු ද,දුගියෙකු ද යන්න කොරෝනාවට වැදගත් නැත.යා යුතු ගමන යා යුතුමය.ඔබ කල යහපත් දේ හෝ අයහපත් දේ කාලය තීරණය කරනු ඇත.නිවනින් සැනසේවා!!!
අපේ මහත්තයාත් හොදටම බයවෙලා... දෙළුම් විතරයි කන්නෙ දැන්
නිවන් සුව, මොහු අතින් සුව වුනු බොහෝ පිරිස් ඉන්නවා, ඒ අතර සචින්, මාලිංග වගේ ප්‍රසිද්ධ පුද්ගලයිනුත් ඉන්නවා. ඒ අතින් ඔහුව් ලොකු පිනක් කරගෙන සිටිනවා.
මුට්ටිය ගඟේ , ඒලියන්ත බොරැල්ලේ .
ඊලඟට මෙයා බෙහෙත් කරපු රජාගේ අවස්ථාවද දන්නේ නෑ.
හොඳ පුවතක්
හරිම කණගාටුදායකයි .රාජකීය වෛද් ඒලියන්ත වයිට් මහතානන්ට අමා මහ නිවන්සුව අත්වේවා !
කොරෝනා රෝගයට පිලියම් ලෙස ලංකාවේ ප්‍රථම බෙහෙත ලෙස සොයාගත් කුන්ඩලී ශක්තිය මුට්ටියකට දමා සුදු පහන් කඩයකින් වසා බෝක්කුවකින් පහලට ගලා යන ජලයට විසිකිරීම වැනි භාරදූර වැඩක් කල ඔබද, ඔබගේ මෑනියන්ද අප නිතර මතක් කරමු.
මෙරට ප්‍රභූ පුද්ගලයන්ගේ භෞතික චිකිත්සක ලෙස සහ කොරෝනා මැඩලිමට මුට්කට්ට දැමු ඒ මහතා ලෙස නිවැරැදි වියයුතුයි.
ලවුඩ්ස්පීකර්වලින් මහ හයියෙන් පිරිත් විකාශය කලා කියලා කොරෝනා මර්ධනය වෙන්නෙ නෑ. ඒ වගේම ආගමික වතාවත් උදේ සවස මහ හයියෙන් විකාශය කලා කියලා නිවන් දකින එක ඉක්මන් වෙන්නෙ නැහැ. කරුණාකර ආගමික ශබ්ද දූෂණයෙන් වැලකෙන්න. මේ දිනවල මිනිස්සුන්ට විවේකය සහ මානසික සුවතාවයයි යි ඕනෑ.
රාජකීය වෛද්‍ය, රාජකීය දෛවඥ.....! අනේ මංද මට නිකං මොකක්ද වගේ.!
ඊනියා හෙල වෙද - ඊනියා ආයුර්වේද - ගොඩ වෙදකම් - විශ්ව ශක්ති - උදේ හවස කන් පලන ලවුඩ්ස්පීකර් ආගමික පූජා - තක්කඩි යන්ත්‍ර මන්තර - රාවණා වරිග පූර්ණිකා ස්ත්‍රොත්‍ර - විශ්ව ශක්ති - හුඹස් මැටි පැණි මඟින් කීයක් හරි හොයාගන්න උත්සාහකල අයට මෙය මරු පහරක්. ඇතැමුන් දඩිබිඩියේ හෙල වෙද රෝහල් පවා ඇටවූවා බොරදියේ මාළු බාලා සල්ලි ගරාගන්න..
එන්නත ගනිමු ! දිවි රැකගනිමු !
නිවන් සුව අත්වේවා.....
රාජකීය වෛද්‍යවරයාගේ මරණය සුලු පටු සිද්ධියක් නොවේ, රජය වහා ශෝක කාලයක් නිර්දේශ කලයුතු අතර, සෑම රජයේ ගොඩනැගිලිවල ඇති ජාතික කොඩිය අඩ කුඹකොට තැබීමට කටයුතු කලයුතුය. ගඟට මුට්ටි දැමූ ප්‍රසන්න රනතුංග ,පවිත්‍රා වන්නි ආරච්ච් මේ කටයුතු භාරව කටයුතු කිරීමට පත්කල යුතුය. මෙතරම් කාලයක් ඔබ රජ පවුලක් සහ ඔවුන් ගේ අනුගාමිකයන් රවටමින්, ඔවුන්ගේ හිත් දිනාගෙන සැපවත් කාලයක් ගතකිරීමට ඔබ දැක්වු දක්ෂතාවය අගය කරමි.
පැනි වරකෙටත් හෙන ගැහුව.
එතුමා ට නිවන් සුව පතමු . බුද්ධ දර්ශනය සියල්ල ට ඉහළින් බව සියලු දෙනාටම තේරුම් යත්වා!
රස්පුටින් නම් පුජකයා රුසියාවේ රජ පව්ලක් විනාශ කළ පරිද්දෙන් මූත් මෙරට රජ පව්ලක් විනාශ කළේ ය. මූත්, ගාල්ලේ සුමන දාස, සහ කිසිදු සත්‍ය ක් නැති බොරු මිත්‍යා මත වපුරමින් මුදල් ගරන කාලකන්නි අමනයන් සියලු දෙනාම මක බෑ වීම තරම් කොරෝනාවෙන් සිදුවන තවත් සේවයක් නැත. කොරෝනාවට ජයවේවා. මිත්‍යාව භංග වේවා.
1973 දී උපත? දුකයි .ඔහුට නිවන් සුව ලැබේවා.ඇයි ඔහුව "රාජකීය වෛද්‍ය" ලෙස අමතන්නේ?ලංකාවේ රජවරු නැහැනේ .
කණගාටුයි. මගේ බලවත් ශෝකය.එහෙත් උගත හැකි පාඩම් බොහෝය.වෙලාව ආවහම එතුමාටත් මරණයෙන් බේරෙන්න බැරිවුනා.ඒ වගේම තමයි රජකම් කෙරැවත් කල කම් පළදෙනවෙ කියනව. ඒකත් එහෙම තමයි.තමන්ට අයිති නැති කිසිවක් ගත්න හොද නැහැ.කොමිස්.අල්ලස්,හොරකම් කරල තමනුත් තම අඹු දරැවනුත් පවුලේ අනික් අයත් පෝෂණය කරන හැමෝටම මේක හිතන්න හොද අවස්ථාවක්. ඒ විතරක් නොවෙයි,වැරදි විදියට මුදල් හම්බ කරන අයටත් මේක අදාලයි.සාධාරණව මුදල් හම්බ කරන්නෙ කොහොමද කියල අපේ බුදු හාමුදුරැවො පෙන්වා දී තියෙනව.තමන් කොහොමද මුදල් හම්බ කරේ කියල දැන් තම තමන්ටම හිතා ගන්න පුලුවන්.මම හොදටම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව. දැන් අවුරැදු 10 කට ආසන්න කාලයක් ඇද උඩ දුක් විදිනව.ඒ නිසා සුනීත සෝපාකගෙ කාථාව කිය කිය ඉන්නවට වඩා මෙන්න මේ පායෝගික දේවල් දේශනා කරල පව් කාරයෝ පාපයෙන් ගලවා ගන්නව නම් මේ රටේ දුප්පත් කම වුනත් අඩු කරන්න පුලුවන්.
මිථ්‍යාවෙන් තොර යහපත් තැනක උප්පත්තිය වෙන්නට යැයි ප්‍රර්ථනා කරනවා. බොරුවට, මිත්‍යාවට, වංචාවට ආයුෂ කෙටියි. ස්වභාව ධර්මයට උඩින් කිසිඳු බලවේගයක් නොමැත. ඉර, හඳ, ග්‍රහ, තරු පිරි මේ දැවැන්ත විශ්වයේ අපි දුහුවිලි අංශුවකටත් වඩා ලක්ෂ, කෝටි වාරයක් කුඩාය. ඒ තමා අපේ සැබෑ තැන.
බොරුවෙන් ලොව රවටන්නා තමාවම රවටා ගනී
රාජකීය?
මුට්ටිවලිනුයි කුණ්ඩලිනි ශක්තියෙනුයි වැඩක් උනේ නැතිව ඇති. දැන්වත් මේ රටේ මිනිස්සුන්ට ඇස් කන් ඇරේවා.
අපරාදේ. එන්නතක් ගත්තනම් තවමත් ජීවත් වෙනවා. කොහොම වෙතත් ඔබට නිවන් සුව අත්වේවා!
පාඩමක් ඉගෙන ගන්න සොබාදහමට සුපර්මෑන් ලා නොමැති බව. හැමෝම හැකි උපරිමෙන් ආරක්ෂාවෙන්න. එන්නත ලබාගන්න.
තවත් ජීවිතයක් නැතිවීම කණගාටුවට කරුණක්. නමුත් එන්නත් ගැනීමේ අවශ්‍යතාව බුද්ධියට යොමු විය යුතුය.
රාජකීය කිව්වේ එංගලන්තේ රජ පවුලේද නැත්නම්.?
බොරුකාරයෙක්
කිඹුලා ඇල පන්සලේ බෝධි මූලයෙන් මතුවූ තෙල් සාත්තුව අවසන්ව නුගේගෝඩ පරණ පොත් වෙලඳාමෙන් අනතුරුව රූකාන්ත ගායනා අනුකරණයෙන් අසාර්ථක වූයෙන් ගීතාන්ජන දොස්තර මහතාගේ අනුග්‍රහයෙන් භෞතචිකිත්සක වෛද්‍යවරයෙක් ලෙස භෞතීස්ම වී පසුව අරලිය මැදුරේ රාජකීය වෙදානන් ලෙස පත් වීම් ලබා පසුව කුණ්ඩලී ශක්තියෙන් වරම් ලබා සර්ව ලෝක සියලු වෛද්‍ය කර්ම මැනවින් හදාරා කෙල පැමින, විශේෂඥ වෛද්‍ය තුමාටද ප්‍රතිකාර කොට එතුමාද පරලෝකප්ප්රාර්ත කලා වූද, වෛද්‍ය ශාශ්ත්‍රයෙන් අසූ කෙලක් ධන උැපැයූ ද නාරි චිකිත්සාව ශල්ය කර්ම අර කර්ම මේ කර්ම සමග සර්වාංග ප්‍රතිකාර විශේෂඥ මහාචාර්ය රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් සිරිමතානන් කෝවිඩ් රෝගයෙන්ම අකාලයේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිලිබඳ අපගේ බලවත් ශෝකය මෙසේ පලකර සිටිමු.
කව්රු කව්රුත් ආස ඇති රජ වෙන්න .රජ වෙලා හැමදාම බලේ ඉන්න .රාජකීය වෛද්‍ය ,ලොකුද දන්නේ නැහැ
සරත් පිටිගලගේ (මිලානෝ )මොලේ කොලොප්පන් වෙලාද මන්දා .එලොවටත් නැති මෙලොවටත් නැති කතා ගොඩක් ලියනවා .මියගිය මනුස්සයෙකුට ගෞරවය කරන්න ඉගෙනගන්න
ඔබතුමා කල සේවයට හිසනමා ගෞරවය කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියාද පතමි .
කරුණාකර සියලු දෙනාම එන්නත් ගන්න කටයුතු කරන්න .මොන තරාතිරමේ පුද්ගලයා උනත් ලංකාවේ හොඳම ප්‍රතිකාර දුන්නත් කොරෝනා හැදිලා මැරෙන්න පුළුවන්
මේ කාලකන්නියා වස පොවා අහිංසක පාසැල් දැරියක්ව ඝාතනය කළා.
මා මොහුගේ ක්‍රියා කිසිවක් අනුමත නොකලත්- නිවන් සුව පතමි