IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රෝහලට පැන මලසිරුරක් බලෙන් පැහැරගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම පිරිස බණ්ඩාරගම දිසාරෝහලේ වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා එහි දේපළවලට පහරදී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ අතර එයන් එක් පුද්ගලයකු රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණි.

එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික පිරිසක් එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට පහරදී ටොලිය මත දමා තිබූ මළ සිරුර රැගෙන ලොරියක පටවාගෙන පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.

පැමිණි පිරිස රෝහලට ඇතුල්වන අවස්ථාවේදී ඇතුළු වීමේ දොරටුවල වීදුරුවලටද පහරදීමෙන් ඒවාටද අලාභානු වී ඇතැයි පොලිසිය කියයි.

පැමිණි පිරිසෙන් බහුතරයක් දෙනා බීමතින් සිටි බවටද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයන් මළ සිරුර පානදුර මූලික රෝහල රැගෙන ගොස් ඇති බවට පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.



අදහස් (3)

රෝහලට පැන මලසිරුරක් බලෙන් පැහැරගෙන

Asela Thursday, 17 April 2025 07:34 AM

ඒ මැරයන් අත්අඩංගුවට ගන්න. කෙසේ වෙතත්, සියලු කාරණා පිටුපස වෙනත් කතාවක් තිබේ. මෙය හොඳ පාඩමකි. මේ අය ඕනෑවට වඩා ක්‍රියා පටිපාටිගතයි. වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඥාතීන්ට කෝනල් ගෙනැවිත්, පශ්චාත් මරණ පරීක්ෂණයට මුදල් දී සියලු වැඩ කළ යුතුයි. රෝහල් පොලිස් නිලධාරියා හරිම කම්මැලියි. ඉතින්, පුදුම වෙන්න දෙයක් නැහැ. නරක දෙය නම්, ඒ මොචරිවල වායු සමීකරණ පහසුකම් නැහැ, මළ සිරුරු කොරිඩෝවේ වැතිර තිබීමයි.

:       2       0

MilindaThursday, 17 April 2025 04:24 PM

මෙම පුවත දැක්කාම කෝනල් පරීක්ෂණයක් ගැන කියනවා. එහිදී කියන්නේ කෝනල් කියලා වැරැදියට. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව නම් කොර්නල් කියලා කියන්නේ හදිසි මරණ පරීක්ෂකලාට... මම එක්තරා මරණ පරීක්ෂණයක් දැක්කා. ඒක සියලුම දෙනා අතරේ සිදුකළ නිසා වරදක් තිබේද බලන්න බැහැ. සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් ප්‍රකාශයක් ගන්නාවිට අදාල කෙනා පමණක් ගෙන අනෙක් අය දුරින් සිටීමට සලස්වන්න ඕනෑ. එහෙම කලේ නැහැ. ඊළඟට ප්‍රශ්න කරද්දී අදාල කෙනා සහෝදරයෙක් නිසා කිසිවක්ම නොදන්නා කෙනෙකුගෙනුත් ප්‍රකාශ ගත්තා. එනිසා ඉදිරියේදීවත් හදිසි මරණ පරීක්ෂණ කරනවිට සාක්ෂිකරු හෝ කාරිය පමණත් කොර්නල් හා පොලිස් නිළධාරි වෙතට කැඳවීම අනිවාර්ය නීතියක් හදනවා නම් හොඳයි.

:       0       0

Perera Thursday, 17 April 2025 09:11 AM

මොලේ ශක්තිය පෙන්නන්න බැරි මිනිස්සු තමයි අත පයේ ශක්තිය පෙන්වන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site