රජයේ රස පරීක්ෂක අද දෙවැනි දිනටත් කොස්ගම කඳවුරට පැමිණි නමුත් ඔහුගේ පරීක්ෂණ කරගැනීමට නොහැකිවූ බව වාර්තා වේ. උණ්ඩ ගබඩාවේ ගින්න නැවතී ඇතත් වරින් වර පිපිරීම් ඇතිවන හෙයින් රස පරීක්ෂකට අවශ්‍ය පරීක්ෂණ කරගත නොහැකි විය.
මේ අතර කඳවුරේ සිට මීටර් 300ක ආරක්ෂක කලාපයක් පනවා කඳවුරට පිවිසෙන සියලුම අතුරු මාර්ග වසා හමුදා ආරක්ෂාව තර කර ඇත.
මේ අතර වැඩිම හානි සිදුවී ඇත්තේ පිපිරී ගිය උණ්ඩ ගබඩාව පිටුපසින් පිහිටි රණවිරුගමට බව කියති. එහි ගෙවල්වලින් වැඩි හරියක් මුළුමනින් වැනසී ඇත. යුද හමුදාව එහි අලාබය තක්සේරු කරගෙන යයි. රණවිරු ගමටද මාධ්‍යකරුවනට ඇතුළුවීමට හමුදාව අවසර නොදේ.
ජායාරූප - තරිඳු ජයවර්ධන









COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.