
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.
අකුරණ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ සහ 19 හැවිරිදි වියේ තරුණයන් දෙදෙනෙකු කටුගස්තොට මාර්ගයේ අධික වේගයෙන් රේස් පදිමින් සිටියදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහල අසලදී එම යතුරු පැදිය මාර්ගයේ මැද විදුලි පහන් කණු සඳහා යොදා ඇති ආරක්ෂක කොන්ක්‍රීට් කණුවේ වැදීමෙන් සිදු වූ අනතුරකින් 18 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇතිි බව පොලිසිය කියයි.
පොලිසිය පවසනුයේ කටුගස්තොට මාර්ගයේ මහයියාව බිංගය සහ කටුගස්තොට පාලම අතර කොටසේ අධිබල යතුරුපැදි සහ මෝටර් රථ යොදා ගනිමින් රාත්‍රී කාලයේ රේස් පැදීම කලක සිට සිදු කෙරෙමින් පවතින බවයි.
ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත අවස්ථා කිහිපයකදීම රාත්‍රී කාලයේ රේස් පදින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් ක්‍රියාකළ ද එම කටයුත්ත දිගින් දිගටම සිදු කෙරෙමින් පවතින බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගාල්ලේ හයිවේ පිවිසුම් පාරේ වෙලා දෙන්නෙක් මළා, මුන්ගේ වයසේ වැරැද්ද සහ රජයේ රෝහල් වලින් මදාවිකාරයින්ට නොමිලේ ප්‍රතිකාර දෙන එක..., මීට පස්සේ නීතිවිරෝධී ගමන් ගිහින් අතපය කඩාගත්තාම ප්‍රථමාධාර විතරක් දීලා වැඩිදුර ප්‍රතිකාර වලට අයකරගත යුතුයි.
දෙන්නම මැරුන නම් නියමයි. පුදුම කරදරයක් තියෙන්නේ. කොන්ක්‍රීට් කොටසේ වැදුණු එක හොදයි. වෙන වාහනයක් වැදුණා නම් ඩයිවරුත් අමාරුවේ...
රේස් පදින පාර හරහා රෑට හීනි කම්බියක් ඇදලා තියන්න.කරුවල තැනක වංගුවක නං ගොඩක් හොඳයි
මේ මොල බාග නම් පුදුම සාපයක්..වෙලාවට කොන්ක්‍රීට් එකක වැදුනේ.. වෙන වාහනයක් හරි මනුස්සයෙක් ගෙ වැදුනණම් ඒ මනුස්සයත් කොච්ච්ර අමාරුවේ වැටෙනවද?? ලපොලිසිය ඔය පාරේ නිතරම හිටියත් නීතියනම් ක්‍රියාත්මක වෙන්නේ ඉතා අඩුවෙන්.. රදල හාමුලගේ පුත්තුත් සද්දේ දාගෙන බයික් පදිනවා රෑ දෙගොඩහ යාමේ.. පොලිසිය නිදි ඇති ඒ වෙලාවට