IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රුසියාව ඇෆ්ගන් තලේබාන් රජය පිළිගනී

ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගන්නා බව, රුසියාව පවසයි. තලේබාන්වරුන්, ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගෙන, නව රජයක් පිහිටුවූයේ 2021 දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් අනතුරුවය.

තලේබාන්වරුන්ගේ නව රජය ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතිය යටතේය. බාලිකා අධ්‍යාපනය තහනම් කිරීමටත්, කාන්තා නිදහස අහිමි කිරීමටත් තලේබාන්වරුන් ෂරියා නීතිය යටතේ කටයුතු කර ඇත.

ඇෆ්ගන් තලේබාන් රජය ඇමෙරිකාව සමඟත්, ඉන්දියාව සහ චීනය ආදී රටවල් සමඟත් යහපත් සබඳතා පවත්වයි. කෙසේ නමුත් ඒ කිසිදු රටක් ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගෙන නැත. ඒ අනුව, ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගත් පළමු රට වන්නේ රුසියාවය. රුසියාව, ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගෙන ඇත්තේ නෛතික තත්ත්වයන් සියල්ල සැලකිල්ලට ගනිමිනි. 

රුසියාවේ මොස්කව් අගනුවර ඇෆ්ගන් තානාපති කාර්යාලයක් පිහිටුවීම ද සිදුවනු ඇතැයි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ රුසියන් තානාපති දිමිත්‍රි සිමෝව් පවසයි. රුසියන් තානාපති දිමිත්‍රි සිමෝව් සහ ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී අතරේ අවස්ථා ගණනාවකදී සාකච්ඡා පවත්වා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

රුසියාව ඇෆ්ගන් තලේබාන් රජය පිළිගනී

ගුණරත්න Friday, 04 July 2025 08:54 AM

කාලය මැවූ වෙනසක අරුමේ. 70 ගණන් වල රුසියන් කාරයෝ ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කරලා ඒ රට විනාශ කළා. ඒ වගේම ලක්ෂ ගානක් මිනිස්සු මැරුණා. රුසියාව සෝවිය දේශය බංකොලොත් වෙන්නත් ඒ යුද්ධය හේතු වුනා. අද උන් යාළුවො! ලංකාවේ උන් වගේම තමයි. ජවිපෙ විජේ කුමාරතුංග මැරුවාට චන්ද්‍රිකා කුමාරතුංගට ඔවුන් එක්ක ඇමතිකම් බෙදාගෙන ආණ්ඩු කරනන ලජ්ජා හිතුනේ නැහැ. ජවිපෙට එජාපය එක්ක යහපාලන ආණ්ඩු කරන්න ලජ්ජා හිතුනෙත් නැහැ

:       9       11

දුංහිඳ Friday, 04 July 2025 05:28 PM

රුසියාවත් හරක් වැඩ කරන වගට සාක්ෂියක්...

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 208 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 101 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site