IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රවී ඇතුළු පිරිස 25 අධිකරණයට කැඳවන්නැයි නියෝග

( මනෝප්‍රිය ගුණසේකර )

බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල්  කෝටි ගණනක් පාඩුවක් කළැයි චෝදනා පවරා ඇති නඩුව සදහා අධිකරණයට ඉදිරිපත් නොකළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකු ලබන 25 වැනිදා  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියම කළේය.

මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ටෙසරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලොසියස්, අර්ජුන් ඇලොසියස් සහ කසුන් පළිසේන යන විත්ති කරුවන්   අද බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ද රවි කරුණානායක  මහතා සමග එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල වැඩිදුරටත්  දන්වා සිටියේය.

 මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්ය  පටබැදි යන විනිසුරුමඩුල්ල මෙම නියෝගය ලබා දුන්හ.



අදහස් (0)

රවී ඇතුළු පිරිස 25 අධිකරණයට කැඳවන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site