(මනෝප‍්‍රිය ගුණසේකර
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) නියම කළේය.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී ඊට අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස් දී එලෙස වංචා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 32කින් යුත් නඩුවේ විත්තිකරුවන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් විත්තියේ නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ ස්ථාවරය එදින දැනුම් දීමට නියම කෙරිනි.
මෙම බැඳුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
2025 දෙසැම්බර් මස 30
43
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
711
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රවී ඇතුළු පිරිස 30 තෙක් යළි රිමාන්ඩ්
pradeepa Wednesday, 24 March 2021 01:25 PM
ලබන 30 වැනිදා තමයි ඩ්‍රාමා එකේ අවසාන කොටස.. නළු, නිළි කැල සතුටින් තම ගෙවල් වලට විසිර යති.