(උපාල ආනන්ද)
අනුරාධපු රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු පිරිසට එම මළුවෙන් ඉවත්වන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා ආඥාවක් නිකුත් කළේය.
හදිසි මහජන පීඩාවක් ඇති වීම වැළැක්වීම සඳහා මෙම ආඥාව තාලකාලිකව නිකුත් කරන බව ද සිය නියෝගය මගින් බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු පිරිසට දැනුම් දී ඇති මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර පූජාභූමියේ ඇති පුරාවිද්‍ය ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදු නොකළ බව ද දැනට ඉදිකර ඇති තාවලාකි කූඩාරම් වහාම අදාල ස්ථානවලින් ඉවත් කරන ලෙස ද නියෝග කළේය.
මෙම ආඥාව නිකුත් කළේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්මල් අත්තනායක මහතා අධිකරණයට කරුණූ දක්වමින් කළ ඉල්ලීමක් සලකා බලමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජනීය ස්ථාන වලට මිනිස්සු යන්නෙ හිත සන්සුන් කරන් නිවී සැනසිල්ලේ වැද පුදාගෙන එන්න. අනවශ්‍ය උද්ගෝ්ෂන තිබ්බොත් එයට බාදාවක් වෙනව.
තැනින් තැනට ගොස් කූඩාරම් ගසාගෙන කාලය ගත කරන අහිකුණ්ඨකයන් මෙන් මෙම රංචුව ශ්‍රී ලංකාව පුරා යාමට උත්සාහ කරන බව පෙනේ. කොළඹ අලංකාර විහාරමහාදේවී උද්‍යානය තුළ පෙරෙත තටු පුදමින්, උන්ට ආහාර පාන පිණිස අසූචි, මළ මූත්‍රා තැන තැන ගොඩ ගසමින්, උද්‍යානය තුළ දුම්මල වරම ගැසූ මෙම පෙරෙත සංස්ථාව, ලොක ප්‍රකට, රටේ මුළු මහත් බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩක් වන අනුරාධපුර අති උතුම් පූජා භූමියේ කූඩාරම් ගසාගෙන එම වන්දනා භූමියත් උන් ගේ ගජයන් වන මලපෙරෙතයන්,කූම්භාන්ඩයන් සමග එක්වී ආතල් ගන්න නොවේද ? අධිකරණය, පොලිසිය මැදිහත් නොවුනා නම්, කහ ඇද ඇතිරිලි පොරවා ගත් චණ්ඩි රංචු අනුරාධපුර අති උතුම් පූජා භූමියේ යකා නටලා විනාශ කිරීම මෙලහකට අරඹා තිබෙන්නටත් පුළුවන් !!!
ඔහු කාශ්‍යප නොවේ... ඔහු පියඝාතකයෙකු වන කසුන් ය.