IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරින් බිරිය මරුට :සැමියා රෝහලට

(රංජිත් රාජපක්ෂ )               

මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් බිරිද එම ස්ථානයේම මියගොස් යතුරු පැදිය ධාවනය කළ සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට  ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය කියයි.

 මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරා ස්නයි නැමති (44) හැවිරිදි දෙදරු මවකි.

මෙම යුවළ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සා ගොස් බිම පෙරලී , එහිදි යතුරුපැදියේ පසුපස ගමන් ගත් බිරිද ලොරි රථයේ පසුපස රෝදයට යට වී එම ස්ථානයේම මියගොස් තිබේ.

ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

රිය අනතුරින් බිරිය මරුට :සැමියා රෝහලට

wedage Thursday, 31 July 2025 11:02 AM

මරදානේ ඉඳලා යන්න බස් නැද්ද නාවල පිටියට?

:       1       9

Senarath Thursday, 31 July 2025 12:38 PM

මෝටර් බයික් එකේ ඔය තරම් දුරක් යන එක ඇගටත් හරිම අමාරුයි.. ඒවගේම ලොකු අවදානමකුත් තියෙනවා

:       2       8

ගුණරත්නThursday, 31 July 2025 06:30 PM

ඔවු එහෙම යන එක හරි අවදානම්, නමුත් මනුස්සයින්ට වාහනයක් ගන්න තියෙන අයිතිය මේ ආණ්ඩුව අහිමි කළා, ඒකෙන් වන්දි ගෙවන්නේ මේ අපි වගේ පහළම ඉන්න අහිංසක මිනිස්සු...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site