
(රංජිත් රාජපක්ෂ )
මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් බිරිද එම ස්ථානයේම මියගොස් යතුරු පැදිය ධාවනය කළ සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරා ස්නයි නැමති (44) හැවිරිදි දෙදරු මවකි.
මෙම යුවළ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සා ගොස් බිම පෙරලී , එහිදි යතුරුපැදියේ පසුපස ගමන් ගත් බිරිද ලොරි රථයේ පසුපස රෝදයට යට වී එම ස්ථානයේම මියගොස් තිබේ.
ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරදානේ ඉඳලා යන්න බස් නැද්ද නාවල පිටියට?
මෝටර් බයික් එකේ ඔය තරම් දුරක් යන එක ඇගටත් හරිම අමාරුයි.. ඒවගේම ලොකු අවදානමකුත් තියෙනවා