(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක - හොරණ මාර්ගයේ නගරය ආසන්නයේ දී යතුරුපැදියක සහ ටිපර් ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියෙහි ගමන් ගත් 68 හැවිරිදි දෙදරු පියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අද (20) පෙරවරු හතට පමණ මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදිය හොරණ දෙස සිට පාදුක්ක දෙසට ධාවනය කරමින් සිටියදී එම දෙසටම ධාවනය කල ටිපර් රථය යතුරු පැදියෙහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
අනතුර සිදු වීමත් සමග යකුරු පැදිය මාර්ගය දෙසට පෙරලීම නිසාවෙන් ටිපර් රථයයෙහි පිටුපස රෝදයට පැදිකරුගේ හිස හසු වී ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහවිල මිරියගල්ල පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පට්ටියගේ නිමල් ඇන්තනි ගෝමස් නමැති 68 හැවිරිදි දෙදරු පියෙකි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රිය අනතුරින් දෙදරු පියා මරුට