
( සිතුම් චතුරංග)
යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් අද (26) උදෑසන ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.
යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක සහ ඇගේ පවුලේ පිරිස කොළඹ සිට යාපනයට ගමන්කරමින් සිටියදී මෝටර් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් මෝටර් රථය ධාවනය කළ කථිකාචාර්යවරියගේ සැමියා මියගොස් ඇති බවත් ඇගේ පුතා සහ තවත් ඥාතියකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ යාපනය නෙල්ලිඅඩි හි පදිංචි සංජානන්ද කුරුක්කල් ප්‍රභාකරන් නැමති 52 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික නිලධාරියකු ලෙස එම කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයකු වේ.
යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක වන සභාලක්ෂ්මි ප්‍රභාකරන් , ඇයගේ පුත්‍රයා වන අක්ෂිත් ප්‍රභාකරන් යන අය අනතුරින් බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් අයෙක් මරුට: තිදෙනකු රෝහලේ