
(අංජුල මහික වීරරත්න)
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සාකච්ඡා අරඹා තිබේ.
මෙම වැඩසටහන සඳහා රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් පමණ සහභාගි විය. දැනට රැමේනියා රැකියා සඳහා ලියාපදිංචි රැකියා නියෝජිතායතන 235ක් පමණ කටයුතු කරයි.
රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලැබී තිබෙන අතර, එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයන් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශයට දැනුම්දීමෙන් අනතුරුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධව රුමේනියා තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.
වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු මෙන්ම වීසා ලබාගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීම වැනි කාරණා මෙලෙස වීසා ප්‍රමාදයට හේතුවක් බව තානාපති කාර්යාලයෙන් දැනුම්දීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම හා සම්මුඛ පරීක්ෂණයේදී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීම් කළ බව කාර්යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 235.. සන්තෝ පුදුම විදේශ ගතවීමක් වෙන්නේ...
රුමේනියාව යනු යුරෝපයේ දුප්පත්ම රටකි.බොහෝ රුමේනියානුවන් සමහර යුරෝපීය රටවල සුදුසුකම් නොලබන රැකියා කරමින් ජීවත් වෙති.ඔවුන් පාට මිනිසුන්ටද කැමති නැත.ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමට "මෙතරම් සතුටින්" සිටින්නේ මන්දැයි මට තේරෙන්නේ නැත.
රැකියා නියෝජිතයන් ලක්‍ෂ 18 ක් ,20 ක් අය කිරීම අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට ද නීතිය ගැනත් ජනතාව දැනුවත් කිරීම ඉතා හොඳය.