
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අතරවාරයේ මෙම හමුව සිදු විය. මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහඳ කථා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් මහත්මිය ද ඊට එක් වුහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.