IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රන් බඩු කොල්ල කා අබාධිතයා මරා ගේට්ටුවේ ගැටගසලා

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ  නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයකු  නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයකු  ඝාතනය කර නිවසේ ගේට්ටුව අසල ගැට ගසා පලා ගොස් ඇති බව   පැල්මඩුල්ල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ පැල්මඩුල්ල මීගහ ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. වසන්ත කුඩා රාළගේ නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.

119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කලහ.

එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක්, රන්මුද්දක්, රන් මාලයක් සහ මුදල් කොල්ලකා සැකකරු පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



අදහස් (3)

රන් බඩු කොල්ල කා අබාධිතයා මරා ගේට්ටුවේ ගැටගසලා

බක්මී්ගොල්ල Wednesday, 19 March 2025 12:53 PM

මුන්නම් මිනිස්සු වෙන්න බෑ. නින්දිතයි. පව් අසරණ මිනිස්සු. ඕවා හොරා කාල අරගෙන මොන හිතකින් පරිහරණය කරනවද මන්දා.මෙහෙදී මොන දඬුවම් ලැබුණත් නැතත් නියම දඬුවම් ලැබෙන තැනක්, දිනයක්‌ තියෙනවා...මියගිය සොයුරාට නිවන්සුව පතමු.

:       0       14

sunil Wednesday, 19 March 2025 04:47 PM

බොහෝ විට මේ නින්දිත ක්‍රියාව සිදු කලේ මියගිය තැනැත්තා හඳුනන කෙනෙක් විය හැකිය. ඒ නිසා ඔහුව මරා දමන්නට ඇති...!

:       0       3

ගුණරත්න Wednesday, 19 March 2025 11:56 PM

මාලිමාවුන් ආවම පොඩි උන් පිස්සු වැටිලා ආච්චිලා මරනවා, අන්ධ අසරණයෝ මංකොල්ලකාලා මරල ගේට්ටුවේ ගැට ගහනවා, සුද්දියන්ට අතවර කරනවා, වෛධ්‍යවරියන්ට අතවර කරනවා. ඔන්න අහන්න ලැබෙන ප්‍රවෘත්ති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site