
(රෝෂන් තුෂාර)
රත්තරන් කිලෝ 5 ක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 1800 ක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගලේවෙල පදිංචි අයියා සහ මල්ලී ලබන 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (6) නියෝග කළේය.
සැකකාර තරුණයන් දෙදෙනා ලබන 12වැනි දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කළේය. රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ හෙට්ටිවිදියේ ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලක් අනුව සැකරුවන් අත්අඩංගුවට ගත් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd