IMG-LOGO

රනිල් අවුරුදු තුනට රට සවාරි 23ක් ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර  තුනක  කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (8)  පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ  විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන්  සහභාගිවු  විදේශ සංචාර සඳහා වැයවූ මුදල කෝටි 102  කට වැඩි බවද  හෙතෙම ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ මහතා  2022 වර්ෂයේදී විදේශ සංචාර හතරකටද  2023 වසරේදී 14 කටද  2024 වර්ෂයේදී පහකටද මෙසේ  සහභාගි වී ඇති බව ඔහු  කීය

අමාත්‍යවරයා  මෙසේ පැවසුවේ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (24)

රනිල් අවුරුදු තුනට රට සවාරි 23ක් ගිහින්

manush Thursday, 08 May 2025 02:34 PM

අනුන්ගේ කුනු හොයන එක පැත්තක තියලා තමන්ගේ ගෙට හොරු පැනලා කරලා තියන දේ බලන්න​. තමුන්ගේ ආසනය වන අගලවත්ත දුරකතනයට යනකන්ම අනුන්ගේ කුනු ගොඩවල් ඇවිස්සුවා. අගලවත්ත ප්‍ර්‍රාදේශිය සභාවයි පාලින්ද නුවරයි දෙකම දුරකතනයේ. දෙකට ඉන්නේ රත්තරන්ගේ අනුග්‍රාහක අන්න්නාසි ගෙඩි. මාලිමාව තුන​. මදැයි කොලා.

:       10       81

GayanThursday, 08 May 2025 06:47 PM

කුණු හෙව්වත් කමක් නෑ. ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා නම්... රනිල් වැරැද්දක් කරලා නම් දඬුවම් දෙන්න. කියව කියවා ඉන්නේ නැතිව.

:       2       21

පම්පෝරි ජනක Thursday, 08 May 2025 02:35 PM

වැඩිපුරම ගියේ අර දේශගුණික විපර්යාස කියල ලෝකේ රාජ්‍ය නායකයෝ නිකන් සැප ගන්න හදාගෙන තියන වැඩකට නැති සමුළුවට සහභාගි වෙන්න

:       44       26

යෝගා Thursday, 08 May 2025 02:36 PM

එහෙම ගිහිල්ල තමයි බංකොලොත් රටක් ගොඩ දාලා, සංචිත වැඩිකරලා මාලිමා පචයන්ට රඟන්න ඉතුරු කලේ. අනුර මාස හයට රට සවාරි 4ක් ගිහිල්ල රටට ගෙනාපු සංවර්ධනය මොකක්ද? ජනතාවට හෙලිකරන්න බැරි හොර ගිවිසුම් ගොඩක් විතරයි.

:       25       109

Janitha Thursday, 08 May 2025 02:48 PM

චන්ද ලක්ෂ 25ක් නැතිකරගෙනත් තවමත් පාඩමක් ඉගෙනගෙන නෑ වගේ. ඕපාදුප කිය කියා ගම් ගානේ යන එක නවත්තලා වැඩක් කරන්න ඕන. නැත්නම් එතුරු මිනිස්සු ටිකත් දුරස්වෙලා යයි.

:       14       75

So Sad Thursday, 08 May 2025 03:10 PM

ඊයේ නේද ලොක්කා රෙද්දෙම මළ පහා උනේ! තවම හෝදා ගන්නවත් කාලයක් නෑ, එත් උදෙන්ම ඇවිල්ල ආයෙත් අනුන්ගේ කුනු හොයනවා. දැන්වත් වැඩක් කරනවා හෙලෝ. බයිලා ගැහුවා කියලා රටට ලැබෙන දෙයක් නැහැ කියලා දැන්වත් තේරෙන්නේ.

:       15       71

Danahissa Thursday, 08 May 2025 03:26 PM

තවත් පචයක්....මොකද රනිල්ටම ගහන්නෙ ඔයගොල්ලො..රාජපක්ෂට බයද...නෑත්නම් ඩීල් ද

:       15       44

අරවින්ද මොණරවිල Thursday, 08 May 2025 03:56 PM

ඇත්ත කියන විට සජබ එජාප හොර හවුලේ දඩෝරියෝ කුලප්පු වෙනවා අපේ හාමුදුරුවනේ ! 2019 ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල සමග 2015 මැතිවරණ ප්‍රතිඵලය සංසන්දය කරන්න නොදන්න හාමුගේ දඩෝරියෝ හිතාගෙන ඉන්නේ මාලිමාව පැරදිලා කියලා........

:       64       16

Samare Thursday, 08 May 2025 05:21 PM

@මොණරවිල. අපි හොර අලි හවුලක් ගැන දන්නේ නැහැ. අපි නම් පොහොට්ටු බයියෝ. ඒ වුණත් අපිත් දෙපැත්තෙන්ම දොස්තර පචතිස්ස මහත්තයාට හිනා වෙනවා. එයාගේ ගමත් අයිති අගලවත්ත ආසනයේ ප්‍රාදේශීය සභා ටික ටෙලිෆෝනය උස්සනකම් දන්නේ නෑ. තමුන්ගේ කුණු ටික සුද්ද කරලා ඉන්න ඕන අනික් අයට අත දික්කරන්න ඉස්සෙල්ලා. මොණරු වුනත් නටන කොට පශ්චාත් භාගය එළියේලු...

:       3       39

PrabathThursday, 08 May 2025 06:04 PM

අනුර හාමුගේ දඩෝරියෝ 2019 කොහේද... මැතිවරණ තිබ්බේ පළාත් පාලන..? 2018, SLPP දිනුවේ විපක්ෂයේ ඉඳලා. දැන් මේ පැරදුණේ ආණ්ඩුවේ ඉඳලා.

:       2       30

Rasik Thursday, 08 May 2025 06:14 PM

මාලිමාව පැරදුනේ නෑ තමයි. හැබැයි ඔක්කොම දිනුවෙත් නෑ. ඒ වගේම තිබ්බ ඡන්ද 68 ලක්ෂයෙන් ලක්ෂ 23ක් ඒ කියන්නේ 33%ක් හෙවත් 1/3ක්ම හලාගෙන. මාස 6ට 1/3ක් නම් මාස 18ක් යනකොට මොනවා ඉතුරුවෙයිද දන්නේ නෑ. මේ දැන් යන විදිහටම ගියොත්...

:       2       51

Nimal 1 Thursday, 08 May 2025 04:24 PM

තනියම ගියා නම් කමක් නෑ කියමුකෝ. යන්නේ ගෝලයෝ රොත්තක් එක්කනේ.

:       5       2

රම්බොඩ Thursday, 08 May 2025 04:34 PM

මෙවැන් දෑ නිතර නිතර ප්‍රකාශ කිරීම පහත් සහ බොළඳ සිද්ධියක් සේ දැනේ. එයින් කිසිවෙකුටත් වන යහපත් නැත. වර්ථමාන ජනාධිපති පවා රට රටවල සංචාරය කරනු ඇත. කොයිතරම් සුදනන් වෙන්න දැඟළුවත් වරායෙන් පන්නපු කන්ටේනර් ගැනත් ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් ගැනත් පසුව රටට දැනගතවනු ඇත. තව තවත් දෑ ඉදිරියට සිදුවේ. ඒවා ගැන පසුව දැනගත් හැකිවේ. අප සිටිය යුත්තේ මැදහත් සිතකිනි. අන්තවාදීව කිසි පක්ෂයක් බදාගෙන නොසිටිය යුතුයි. අපට වැදගත් වන්නේ රට දැය සහ සමය...

:       1       7

රුවන් Thursday, 08 May 2025 04:43 PM

දැනටත් කරන්නේ රට යන එකනේ, ට්‍රම්ප්වත් ඔච්චර ගිහින් නෑලු...

:       5       4

Fernando Thursday, 08 May 2025 05:03 PM

දොස්තර කමටත් නිගාවක්... මෙහෙම කෙනෙක් වෛද්‍ය සේවයේ හිටියා නම් පෙට්ටිකඩේ මුදලාලියා රජවෙනවා..

:       1       8

Nandana Thursday, 08 May 2025 05:39 PM

අනේ යන්න... දොස්තර දොස්තර නෙවෙයි, කවුරු වුණත් ඔයාලත් වැඩ්ඩෝ...!

:       0       3

Asela Thursday, 08 May 2025 05:54 PM

රනිල් නැතුව මේ පුරසාරම් දොඩන අයට 2022 වෙනකන් කොහේවත් හොයාගන්න බෑ. අර්බුදකාරී වෙලාවේදිත්, තබුත්තේගමට මිනිහාට සම්පූර්ණ බලය ඕනෑ කියලා කිව්වා මාස හයක් ඇතුළත සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 10 ට අඩුවෙන් තිබුණු රට නැවත ගොඩගන්න පුළුවන් කියලා. දැන් රනිල් ඒක බිලියන 6කට ආපහු ගෙනාවා. මේ වඳුරන්ටවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ පාලනය කළ හැකි මට්ටමට ගෙනෙන්න බැරි වුණාම, ඔවුන් පුරසාරම් දොඩනවා. අමු කුණුහරප කියනවා. මොනතරම් බොරුකාරයෝද, වහල්ලු මේ වැඩකට නැති මෝඩයෝ පස්සේ ගිහින් ආශ්චර්යමත් දේශයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..

:       2       31

Nihal Thursday, 08 May 2025 06:04 PM

අවුරුදු 60ක් පමණ මාරුවෙන් මාරුවට ඔහොම මුදල් නාස්ති කරපු නිසානේ රට බින්දුවට වැටුනේ, අන්තිමට බංග්ලාදේශයනුත් ණය අරගන්න කොටයි මිනිස්සුන්ගේ ඇස්, කන් ඇරුනේ..., ඒ වේලාවේ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4 නොලැබුණා නම් රටෙන් අඩක්ම හාමතේ මැරිලා එම මුදලින් තමයි මාස ගණනක් මුහුදේ තිබුණු තෙල් නැවට, ගෑස් නැවට සල්ලි දීලා ගත්තේ... නැතුව පින් ජනධිපතිලා සංචිත වැඩිකරලා නොවෙයි...

:       26       4

ගුණරත්න Thursday, 08 May 2025 06:23 PM

ඉතින් ඔය ගිහින් තියෙන්නේ විනෝද ගමන් නෙවෙයි, අරුණ කුමාර මාස 6ට ගමන් කීයක් ගියාද? ඒවත් කිසිපලක් නැති ඒවා වුණත් රාජ්‍ය නායකයගේ ගමන්...!

:       6       29

WijethissaFriday, 09 May 2025 12:18 PM

ඉතින් ලොක්කා ඔයැයිලාගේ ජනාධිපති ලෝක සමුළුවක ප්‍රධාන ආරාධිතයා හැටියට ගිහිල්ලා ඒකත් අතරමැද දමාගහලා පුද්ගලික ගුවන් යානයකින් ආරක්ෂාව ගැනවත් නොතකා ආවම එතුමාගේ සේවය අපේක්ෂිතව ඉන්න අපිට දුකක් නැද්ද? ඇත්තෙන්ම ජනාධිපතිට ඇමතිලාට තැපැල් ඡන්දය පාවිච්චි කරලා ඡන්දපොලේ ප්‍රදර්ශන නොකර ඔවුන්ගේ වටිනා කාලය ජනතා සේවයට යොදන්න බැරිද?

:       0       1

NPP Thursday, 08 May 2025 06:50 PM

මේ වගේ ගොන් හරකුන්ට ඕවා කීවාට තේරුමක් නැහැ සහෝදරයා. හොරකමට වන්චාවට දුෂණයට තමයි කැමැත්ත...

:       23       5

Nelu Thursday, 08 May 2025 08:06 PM

NPP සහෝදර සහෝදරියන් ටික අපි වගේ බයියන්ට ගොන් හරක් කියනවා. කන්නාඩිය ඉස්සරහට යන්නේ නැතුව. ඔය කියන්නේ අර පහුගිය කාලයේ ගල්කිස්ස මහ හෝටලයේ තිබුණු ABBA කොන්සර්ට් එක බලන්න ගිය අගමැතිනි, ඇමැති කට්ටිය... එතකොට බටහිර සින්දු අහලා ජොලි කරලා විනෝද වුණේ නැද්ද? ඒ ගිහින් සංචාරක ප්‍රවර්ධනය කියලා මුහුණු පුම්බන් හිටියාද? අපිට ගොන් හරක් කිව්වට ඔයාලා කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් මී හරක් බලන්නත් පුළුවන්...

:       1       1

Dilan Thursday, 08 May 2025 08:53 PM

සීයා ගියේ සාමාන්‍ය ප්ලේන් එකේ. අනුර එන්නේ ජෙට් එකේ. කොහොමද ඒක...? එක ට්‍රිප් එකට වියට්නාමේ ඉඳලා ලංකාවට එන්න කෝටි 1.5ක් විතර යනවා. කොහෙන්ද එච්චර සල්ලි...?

:       1       2

MD Friday, 09 May 2025 09:13 AM

පාර්ලිමේන්තු කථානායකයගේ හොර ආචාර්ය මහාචාර්යවරුන්ගේ ඉඳලා පටන් ගත්තෙම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවටන්නනේ. අවසානයට ඉවර කලේ රටේ උතුම්ම මල් කළඹට වස්තුවට නිගා කරමින් අවනම්බුවට අපහාසයට ලක්කරමින්. කොහොමද සාපය පටන් ගත්ත හැටි. තව ඉස්සරහට බලන් ඉන්නකෝ ගොබ්බ මාලිමා රැලට වන දේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2078 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 646 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site