IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රනිල්ලා - සජිත්ලා ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයෝ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල්ලා සජිත්ලා කියන්නේ ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයන් බව සභානායක,ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ප්‍රහාරය යනු ලංකාවේ හෘද සාක්ෂියේ සිදුරක්.මෙහි සැබෑ මෙහෙයුම්කරුවන් කවුදැයි අධිකරණය ක්‍රියාවලියක් හරහා ඔප්පු කළ යුතුයි.පාස්කු ප්‍රහාරය හරහා රාජපක්ෂලාට නැවත බලයට එන්න තත්ත්වයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වී තිබුණා.රනිල් සහ මෛත්‍රී අතර දේශපාලන ප්‍රතිවිරෝධයක් නිර්මාණය කර එක පැත්තකින් ඒ තත්ත්වය නිර්මාණය කළා.ජාතිවාදී සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් රාජපක්ෂලා විසින් 2013 සිට නිර්මාණය කර තිබුණා.මුස්ලිම් විරෝධයක් මුලින් ගොඩනැගුවා.ඒ දේශපාලන අපරාධ කරුවන් සමග අත්පුඩි ගහන විට අපේ හෘද සාක්ෂිය පත්තු වෙනවා.මෙවැනි ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු කොතෙකුත් ලැබී තිබුණා. ඒවා ගණන් ගත්තේ නෑ යැයි සභානායකවරයා කීය.



අදහස් (12)

රනිල්ලා - සජිත්ලා ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයෝ

fairoos Wednesday, 09 July 2025 05:44 PM

සහතික ඇත්ත...

:       27       112

Rasika Wednesday, 09 July 2025 05:46 PM

එතකොට රාජපක්ෂලා?

:       45       14

විපරමා Wednesday, 09 July 2025 06:16 PM

ළාමක ටින් ටින් නම් ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනෙක් වගේ? සූත්තර පුන්චා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       9       67

ගුණරත්න Wednesday, 09 July 2025 06:18 PM

රනිල්ලාගේ කාලේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්ව විද්‍යාල උපකුලපතිවරු ආදී මිනිසුන් මරාදම්මේ කවුද? බැංකු කර්මාන්තශාලා ගිනි තියලා ආර්ථිකය අඩපණ කලේ කවුද? රජයේ කාර්යාල ගිනි තියලා, බස් ගිනිතියලා සමස්ත රාජ්‍ය තන්ත්‍රයම අර්බුදයකට දැම්මේ කවුද? කවුරුවත් නෙවේ ජවිපෙ මිනීමරුවන්...

:       18       49

DineshWednesday, 09 July 2025 11:19 PM

2024 වෙනකම් බලයේ හිටිය අය මේවාට ක්‍රියා මාර්ග ගත්තේ නැත්තේ ඇයි?

:       0       0

Chethiya KumaraThursday, 10 July 2025 06:27 AM

මේ අදහස හරියටම හරි 1987-89 කාලයේ උතුරේ යුද්ධය තියෙද්දී දකුණේත් යුද්ධයක් ආරම්භ කර රටේම ආරක්ෂාව නැත්තටම නැති කලේ කවුද කියලා ඊයේ පෙරේදා උපන්නු හැර ඔක්කෝමලා දන්නවා අපිට නම් කියන්න තියෙන්නේ ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කය පොළව පලාගෙන ගොස් වැටුනි නරකයා... මෙලොව සතුනි ඉන් බොරුකීම නරකයා කියලා තමයි...

:       0       0

SamThursday, 10 July 2025 12:40 PM

අම්මෝ බටලන්ද

:       0       0

So sad Wednesday, 09 July 2025 06:35 PM

අන්න ඒකට මහ මහේන්ද්‍ර, මිනිහා වාහනේ යද්දී ජාතික ආරක්ෂාව දෙපැත්තෙන් දුවගෙන යන්නේ.

:       0       0

Asela Wednesday, 09 July 2025 06:56 PM

බබා වගේ හැසිරෙන්නේ...

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 09 July 2025 07:04 PM

රට පුරා මහ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනතුරු බකං නිලාගෙන හිටියා, එදා ඒ.ජා.ප.ය නියෝජනය කළ වර්ථමානයේ ස.ජ.බ නියෝජනය කරන දේශපාලන තක්කඩි රැළ අද තැන තැන පාතාලයේ එවුන් ගහ මරාගන්නා විට ජාතික ආරක්ෂාව අනතුරේ කියලා විලාප නගන එක තරම් විහිළුවක් ලොවෙත් නැතුව ඇති...!

:       1       0

Sam Thursday, 10 July 2025 12:39 PM

මහ මොළකරුවන්ට

:       0       0

prasanna Thursday, 10 July 2025 03:02 PM

ඒක සම්පූර්ණ ඇත්ත. නැතිනම් අතුකෝරළ මන්ත්‍රීතුමා මහපාරේ මරන්න අවස්ථාවක් ජවිපයට ලැබෙන්නේ නැහැ.

:       1       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 484 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site