
(අංජුල මහික වීරරත්න)
මාලිමාවේ අයවැය රනිල් වික්‍රමසිංහ ජනපතිගේ අයවැයේම දිගුවක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුව කර තිබෙන්නේ රනිල්ගේ අයවැය පොතේ පිට කවරයේ නම වෙනස් කිරීම පමණක් බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
අය වැයේ අලුත් යෝජනාවකට ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා පමණක් බව කී අබේවර්ධන මහතා අස්වැසුම ආදී සියල්ල රනිල්ගේ යෝජනා බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට අනුව අයවැය ඉදිරිපත් කර තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා ආදායම් උත්පාදනය කරන යෝජනාවකට තිබෙන්නේ වාහන ගෙන්වීමේ සහ තීරු බදු පිළිබඳ යෝජනාව පමණක් බව සඳහන් කළේය.
රනිල් රට පාලනය කරන විට 2024 වසරේදී රටේ ආදායම හොඳ මට්ටමකට පැමිණි බව මාලිමා රජය පිළිගෙන ඇතැයි කී අබේවර්ධන මහතා වර්තමාන සමාජයේ තදින් තිබෙන හාල් පොල් ප්‍රශ්නයට අයවැයෙන් කඩිනම් විසඳුම් නැති බව පැවසීය.
අලුත් යෝජනා ඉදිරිපත් කරන්නට ලොකු දැනුමක් නැති බව අයවැයෙන් පෙනෙන්නට තිබෙන බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ට රනිල් නැතිව වෙන කවුද ඉන්නේ? කෝකටත් තෛලය රනිල්....
හිතේ දුකට කියැවෙන කවි...
අනේ වජිර, රනිල් එක්ක ඉන්න.
පුච්චලා විනාශ කරලා දාපු කැලයක් නැවත වැවෙන්නත් කාලයක් යනවා කියලා ආරංචියක් තියෙනවා...
එහෙනම් විවේචනය නොකර උදව් කරන්න.
නෑ. බොල්ෂෙවික් ටිල්වින්ට ඕනෑ දේවල් ටිකකුත්, ප්‍රායෝගික නැතත්, ඇතුලට ඔබලා. දැන් එයානේ රටේ නොනිල පාලකයා...
මේ තවත් දේශපාලන අනාථයෙක්. පව් අප්පා...!
අනේ නිකන් පීචන් වෙන්නැතිව ඉන්නවද?
සීයාත් කරන්න හිටියේ...!
තව මොනවා හරි තියෙනවා නම් කියන්න අපි පිලිගන්නම්... දැනුවත් කළාට ස්තුතියි.. ඕවාම කියකියා ඉන්න..
අඩේ කොටාටත් හිතෙන දේවල් ප්‍රාදේශීය සභාවක්වත් දිනාගන්න බැරි වුණාට. හීන මවාගෙන ඉතුරු ජීවිත කාලේ ගෙවාගෙන යන්න පව් නොදී...
රනිල් ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වසර 47 ක් බලයේ හිටියා. විවිධ තනතුරු දැරුවා. දූෂිත පව්ල් පාලනේ අයව රැකපු එකයි කෙරුවේ...!
ඒක තනිකරම ඇත්ත. මඤ්ඤං ජේ.වී.පී. ලොන්ඩරි වලට දිරවා ගන්න බැරි වුණාට රනිල්ගේ අයවැය, රනිල් හදපු ආර්ථිකය, සංචිත ලැජ්ජාවක් නැතුව, ගානට යොදාගෙන, අනුන්ගේ කළිසමක් තමන් ගේ වගේ ඇඳගෙන උජාරුවෙන්, එයාගේ වගේ යනවා.
පිටකවරේවත් කියවන්න දන්නවාද මන්දා…?
රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වසර ගණනාවක දෙශපාලන පලපුරුදු සහ අත්දැකීම් තිබෙන නිසා IMF එක සමග ශ්‍රී ලංකාවට හිතකර, ජනතා හිතවාදී අයවැයක් ගෙනාවා. රට කාපු, රටෙහි ධනය හොරාකා, විදෙස් රටවල තැන්පත් කරපු රාජපක්ෂලාගෙ මිනීමරු පාලනයට එරෙහිව එතුමාට රට නියම මගට ගෙන ඒමට කාලයක් ලැබුනේ නැති බව මාලිමා චන්ද දායකයින්ට හැර අනෙක් අයට මෙවන විට තෙරී හමාරයි. එය මුළු රටෙම අවාසනාවකි ! රනිල්ගෙ "කොපි කරපු" අය-වැයෙන් හො මාලිමා රජයට හැකි වෙතැයි පතමු.
හොරුන්ගේ රෙදි හෝදනවාට වඩා යහපත් අයගේ රෙදි හෝදන එක නම්බුයි. ආර්ථිකය, සංවිධානය, ඔය වගේ වචන තමයි කවුරුත් යොදා ගන්නේ, රනිල්ගේ අයවැය වගේ පේනවා නම් ඒක මානසික ප්‍රශ්නයක්...
වජිර, රනිල්ට මිනිස්සු කැමති නැ .. ඒක තේරුම් ගන්ඩ කෝ
ඔය කියල තියෙන හාල්-පොල් ප්‍රශ්ණයට කඩිනම් විසඳුම් නැත්තෙ මොකද? වී ටික මත්තල ගුවන්තොටුපළේ ගබඩා කරලා, පොල් බෑයවල් ඉන්දියාවෙන් ආනයනය කලාම හරි මීට කලින් රනිල් කලා වගේ...මුන් ටික තව ටිකකලක් හිටියනම්, ඉතුරුවෙලාතියෙන කුඹුරු ඉඩම්ටිකත් දේශපාලුවෝ සහ හෙන්චයියන් විසින් කුණුකොල්ලෙට අරගෙන, ගොඩකරලා වැඩිමිලට ආපහු විකුණලා...
හරි මේක රනිල්ගෙම අයවැය කියමුකෝ..එහෙනම් දැන් කටයි පුතයි වහන් ඉදපල්ලා මේක හදලා ගන්නකම්
හරි! සජිත් ආවත් ඔකමනේ. කියන එකක් වැදගත් දෙයක් කියන්න. කටට එන්නේ මඩ ගහන්නන අනුන්ගේ ඇද කුද, හරියටම, හොඳ දේවල් කරපු අය වගේ. ඔබ හිතන් ඉන්නෙ ඔය ගොල්ලෝ හරි බුද්ධිමතුන් ලා කියලා.රට කාලා ඉන්නේ.
මේ මීහරක් හිතන් ඉන්නෙ. රනිල්ට විතරයි හිගා කන්න දන්නෙ කියලාද. ඒක ඇත්ත මේතරම් උගත් පරපුරක් ඉද්දි හිගා කන්න අව්ශ්‍ය නැහැ. රැකියා දීලාතරුනයින්ව. දිරිමත් කරන්න ඕන පිටකවරෙන්. වැඩකුත් නැහැ ඇතුලේ කොල වැඩකුත් නැහැ. කට පන ඇති කොන්ද පනතියෙන නායකයෙක් හිටියානම් ඇති. කොයොතරම් මුදල්ක් මේ මාස ගානට ඉතුරු කෙරුවද. නාකී නඩේ හිටියානම්. අලුත් වාහන උන්ට රට සවාරි යන්න. අනුර ආවත් හරි නාකි නඩේ එකෙක් සිගප්පුරු ගියාද. බෙහෙත් ගන්න. දැන් ඒ සැප නැහැනෙ වෙනිවැල්ගැට තම්බලා ලස්සනට බොනවා ඇති කට්ටිය. අනුර මොනවා කෙරුවත් කමක් නැහැ.
මේ ගොබිලට රනිල් නතුව කහින්න වත් පූලුවන්ද?
ඔව් ඔව් මේ උතුමන්ලාගේ පරිණත භාවය සහ අත්දැකීම් එක්ක මේ රට අවුරුදු 77 හැදිලා තිබුණානේ
කෝටි 50 ලෑස්ති කරගන්න බොරු වපුරන ජනතාවට නොමඟ යැවීම සම්බන්ධයෙන් අපි පොත් දෙකම උසාවියට ඉදිරිපත් කරනවා
මොකක් හරි වැඩක් කළොත් ඕක රනිල්ගේ වැඩක්, රනිල් කරන්න හිටියේ අනේ මන්දා මන්ට මොනවා කරන්නද කියලා
මන්ත්‍රී කෙනෙක් වත් නොවන මේ අපතයාගේ කතා දාන්න එපා