
වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්විය.
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


COMMENTS
එතකොට මිනිස්සු මැරුනේ වෙඩි තියාගෙනද? තාක්ෂණිික දෝෂයක්ද?
එතකොට පිරිසිදු පානීය ජලය ඉල්ලුව එක වැරදි. මෙහම තමයි උඩතලවින්න දස පුද්ගල ඝාතකයන්, රවී රාජ් මන්ත්‍රී ඝාතකයන්, පරරාජසිංහම් මන්ත්‍රී ඝාතකයන්, කහවත්ත රනිල්ගේ පාක්ෂිකයක් ඝාතකයන් එහම ඝාකයන් රාශියක් නිදොස්කොට නිදහස්. නමුත් කවද හෝ සාපයෙන් බේරන්න බැහැ.
මේ රටෙන් යන්න හැමදාම පෙළඹවීම් ලැබෙනවා.
අනේ අනේ දෙවියනේ ඔබ කොහෙද? අපේ ලංකාවේ අමුතු අමුතු දේවල් සිද්ද වෙනවා.. අපේ අවි ආයුධ ඉබේම පත්තු වෙලා මිනිස්සු මැරෙනවා දෙවියනේ
මේ අමන දුෂ්ට පාලකයන්ගෙන් නීතියේ සාධාරණත්වය හො යුක්තිය බලාපොරොත්තු වෙනවට වැඩිය පහසුයි ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක එහෙම නැත්නම් ගලකින් පට්ටයක් ගන්න එක. මොවුන් තමන්ව තමන්ගේ පැලැන්තියේ එවුන්ව රැකගන්න ඕනම අපරාධයක් කරනවා වගේම ඕනම අපරාධකාරයෙක්වත් රකිනවා. 88/89 ගැන අදෝනා නගන මෝඩ මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා සැබෑ තත්වය, බලයේ ඉන්න හොර මැර නඩයට ගලක් ගැහුවත් වන්දි ගෙවන්න වෙන්නෙ ජීවිත වලින් කියලා එහෙම නැත්නම් කට වහාගෙන වහලුන් සේ සදාකාලිකව ඉන්න වෙනවා.
අහිංසක සිවිල් පූර වැසියන් ඉල්ලා සිටියේ බොන්න පිරිසිදු වතුර ටිකක්, මට මතක හැටියට ?
කරපු අයගේ හෘද සාක්ශිය නඩු අහනකොට එතැනට ලෝයස්ලාට යන්න බෑ...
සෙනවිරත්න; තමන්ගේ මතයට වාසිදායකයින් තීරණයක් ලැබුණාම එතකොට නීතිය සාධාරණයි! අනිත් වෙලාවට නීතිය වැරැදියි. එහෙමද?
" සොයා දියව් , මට සරණක් .. පෙරුම් පිරු යෞවනයන්, දකුණේදී උතුරේදී ... මරා දැමූයේ - නුඹලා නොවේද පව් කාරයිනේ..."
ආයෙත් වතාවක් මේ නඩුව අපි ගෙනෙනවා. බීමට ජලය ඉල්ලූ "වරදට" අහිංසක ජීවිත ගණනක් මරා දැමූ මේ "මස් වැද්දන්" ඒ මියගිය ජීවිත වෙනුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවිය යුතුයි.
මෙයාගේ මූණ තියෙන උජාරුව, හොඳක් වෙන්නේ නැහැ... නැති හෙන මෙයාගේ ඔළුවට වදිවී.
කලින් තීන්දුව දැනගෙනද මෙයාලා මෙහෙම ටයි, කෝට් දාගෙන ඇවිල්ලා තියන්නේ?
මෙවැනි ප්‍රවෘත්ති දකිනවිට නැගෙන සිතුවිලි කෙසේනම් පාලනය කරම්ද? කෙතරම් උජාරුවෙන්ද චූදිතයා මහපට ඇඟිල්ල පෙන්වමින් සතුට ප්‍රකාශ කරන්නේ? එකම විකල්පය ඡන්දයේදී සියලුම දුෂ්ඨ බලවේග පලවා හැරීම පමණි.
බයවෙන්න එපා... කොනක ඉඳලා ශුද්ධ කළයුතු නීතිය සම්බන්ධ ආයතන කීපයක් තියෙනවා... ඒවා කළාට පස්සේ ඔය නඩු ආයේ අහනවා..
වෙඩි තියන්න කියලා නියෝගේ දීලා තියෙන්නේ මොළහතාලූ? මිනී මරලා නිදහසේ ජීවත් වෙන අය තව රටේ ඉන්නවා. පව්කාරයින්ට ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා...
දකුණේ මෙහෙම නම් උතුරේ කොහොම වෙන්න ඇතිද?
වැරැදි තීන්දු දුන්නු අයටත්... වැරැද්ද කරපු අයටත් වැහි නැති හෙණම වැදියන්...
පව්කාරයින්ට ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා...
වැරැදි කාරයෝ මේ අය නොවේ... නියෝග දීපු අය වගකිව යුතුවේ.
ස්වභාවධර්මයා විසින් සෑම අසාධාරණයකට විරුද්ධව, සාධාරණය ඉෂ්ට කරන්න ළඟදීම නඩු අසනු ඇත.
අධිකරනයට ගරු කරන නමුත්, මෙම තීන්දුව දුප්පත්, අහිංසක ජනයාට කනට ගසා, මිනීමරුවන් රකින්නට නිදොස් කොට නිදහස් කිරීමට කරන ලද්දක් බව පෙනේ. පසුගිය කාලය පුරාවටම මෙවැනි නඩු තීන්දු අසන්නට, දකින්නට ලැබුනු අතර, ඒ සෑම අනීතික, අයුක්ති සහගත සහ අසාධාරන නඩු තීන් දු පිටුපස කතා කරන ලද නීතිඥයා වූයේ රොමේශ් ද සිල්වාය. දුගී, දුප්පත් ජනතාවට එරෙහිව යන සියලු තක්කඩියන් ට දිනෙක ස්වාභාව ධර්මය විසින් නිසි දඬුවම් ලබා දෙනු ඇත.
ලංකාවේ නීතියෙන් නිදොස් කොට නිදහස් වුණාට, ඔහුගේ හෘද සාක්ෂියෙන් නම් ඔහුට නිදොස් වෙන්න ලැබෙන්නේ නැහැ... මේ ආත්මයේදී... මිනිස්සුන්ට එළව එළවා වෙඩි තිබ්බා. කතෝලික දේවස්ථානයක් තුළට පැනලාත් වෙඩි තියලා තිබුණා. මම හිතන්නේ මෙතැන් පටන් තමයි දෙවියන්ගේ තීන්දුව ලැබෙන්න පටන් ගන්නේ... සසර වසන තුරාවටම ඒ තීන්දුවට අවනත වෙන්න සිදුවෙයි. එහෙම නැත්නම් ඉතින් මේ ලෝකේ තියන ආගම ධර්මයන් ඔක්කෝම බොරු.. එදා කාපු ජරාව දැන් තමයි හරියට ඇඟට ජීර්ණ වෙන්න පටන් ගන්නේ... ඔහොම යං!
නඩුවක තීන්දුව විනිසුරු වරුන් විසින් දෙනු ලබන්නේ නඩුව ගොනුකළ පාර්ශ්ව විසින් ඉදිරිපත් කල සාක්ෂි සහ ඒ ඉදිරිපත් කල ආකාරය අනුව. ඒ නිසා මෙතන යම් අසාධාරණයක් වී තිබේ නම් එහි වරද අධිකරණය නොවෙයි එය ඉදිරිපත් කළ අයගේ ක්‍රියා පටිපාටියයි. වැඩිය ඕනැ නැහැ පුද්ගලික පාර්ශවයක් විසින් නිසි ලෙස ඉදිරිපත් කල පාස්කු නඩුවේදී දැක්කනේ කට්ටියකට වරද කරුවන් වෙලා දඬුවම් නියම වෙලා වන්දි ගෙවන්න සිදු වුණා. ඒ වගේම දැක්කනේ මල්වානේ මාලිගාවේ නඩුවෙන් සමහරු නිදොස් කොට නිදහස් වුනා. ඒ නිසා මේ කරුණු ගැන නීති විශාරදයන් සමග කටයුතු කර අභියාචනයන් කල හැකියි.
අන්තිමේදී ළමයි ළමයි වෙඩි තියාගෙන...
වැරැදිකරු වුනත් මොකද ජනාධිපති සමාව තියෙනවනේ... ඒක හින්දා නිදොස් කොට නිදහස් කරන්න ඇති..
අධිකරණයේ තීන්දු ලැබෙන්නේ නීතිඥයින් විසින් විනිසුරුවරුන්ට ඉදිරිපත් කරන සාක්ෂි පදනම් කරගෙනයි. එහෙත් හෘද සාක්ෂියට සහ ලෝක දහමට බොරු කරන්න මේ කාටවත් බෑ. ඉතින් අපි බලමු. මේ අයගේ ජීවිත කොහොම ගෙවී යයිද කියා..?
මේකේ වැටිලා තියෙන කොමෙන්ට්ස් ටික දැක්කාම හිතෙනවා රටේ මිනිස්සු කොයිතරම් නොදියුණුද කියලා. තමන් අකැමැති කෙනෙක්ට දඬුවම් දෙන තීන්දුවක් ලැබුණාම උසාවිය හරි හොඳයි... සාධාරණයි. තමන් අකැමැති කෙනෙක් නිදොස් කොට නිදහස් කළාම උසාවිය පිළිකුල්. නීතිය නමලා. අසාධාරණයි. තමන් කැමැති කෙනෙක්ට වැරැදිකරු කරලා දඬුවම් දුන්නාම උසාවිය පිළිකුල්. නීතිය නමලා. අසාධාරණයි. තමන් කමැති කෙනෙක් නිදොස් කොට නිදහස් කළාම උසාවිය හරි හොඳයි. සාධාරණයි. මේවායින් පෙන්නන්නේ මිනිස්සු කොච්චර නොදියුණු වැද්දෝද කියලා විතරයි. මෙහෙම මිනිස්සු ඡන්දෙන් තෝරාගන්නෙත් මේ වගේම ගොන් රැලක්. ඊට පස්සේ ඒ ගොන් රැලට බනිනවා... රට කනවා කියලා.
අද නීතිඥවරුන් පිරිවරා විජයග්‍රාහී ලීලාවෙන් සිටියත්, ඔබ අපි සෑම දෙනාටම පොදු න්‍යායක් තිබෙනවා. එනම් "කර්මය නඩු අසන හෙට දවසේ නීතිඥවරුන් හෙවත් පෙරකදෝරුවන් නොමැත"
නොදෝමකින් විතරක් !!! ඉස්කෝලේ යන ළමයින්ට වෙඩි තියන සිරි ලංකාවේ හමුදාවේ මේජර්. ඉක්මනට අංගොඩ පිස්සන් කොටුවට දක්කන්න වෙයි. මේ වගේ මොලේ අමාරුකාරයන් සිවිල් සමාජයේ නිදහසේ තියන්න බැහැ.. ඊළඟට කාව මරයිද? කවුද දන්නේ.
උසාවියේ වැරැද්දක් නෑ කොටියෝ. තීන්දුව දීලා තියෙන්නේ ඉදිරිපත් කරපු සාක්ෂි වලට අනුව. හිතාමතාම සාක්ෂි හංගලා. අඩුගානේ රජයේ නියෝජිතයා තීන්දුව දෙන වෙලේ ඉඳලාත් නෑ. තනිකර පාවාදීමක්...
මෙතැනින් පෙනෙන්නේ පැමිණිල්ලේ දුර්වලතාවය විනා මේ විත්තිකරුවන් අහිංසක මිනිසුන් මැරුවේ නැහැ කියන එක නොවෙයි...
නඩුවක් කාලයක් ඇදුණාම විත්තිකරුවන්ට නිදහස දෙනවාද? එතකොට අර වෙඩි කාලා මැරුණු අහිංසකයින්ට කෝ යුක්තිය සාධාරණය? මෙහෙම ගියොත් හැමෝම මිනීමරලා නඩු ඇදගෙන ගිහින් නිදහස් වෙයිනේ...
මේ යදමින්ලා විලංගුලා ගීතයේ කොටසකි... රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්...
රණවිරුවෝ කියලා හමුදාවල ඉන්න අයව ඇන්දෙව්වෙත් අපේ අයම තමයි. ඒක රැකියාවක්... ඒ රැකියාව අනෙකුත් බොහෝ රැකියාවලින් වෙනස්වෙන්නේ ඉහලින් නියෝග ආවාම කාටද කියලා බලන්නේ නැතිව ගහල දාන්න වෙන නිසයි. මේකට නියෝග නියෝග ලැබෙන්න ඇත්තේ එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගෙන් වෙන්න පුළුවනි. රජා බලුවෙලා ඉන්න හැටි පෙනෙනවානේ දැන්. එයා වගේම මේකට සම්බන්ධ වූ අයට තමන් කළ සියලු අපරාධ වලට මනසින් විඳවන්න වෙනවාමයි. අපේ රටේ මෝඩ හරක් 69 ලක්ෂයක්ම මොවුන්ට ඡන්දේ දුන්නනේ...
ලංකා නීතියෙන් ඕනෑම අපරාධකාරයෙක්ට පහසුවෙන් බේරෙන්න පුළුවන්... නමුත් දෙවියන් වහන්සේගෙන් සහ අපරාධයට ලක්වුණු පුද්ගලයින්ගේ ශාපයෙන් කවදාවත්ම බේරෙන්න බැරිය.
උසාවිය බොහොම නිවැරැදි තීරණයක් දීලා තියෙන්නේ. හමුදා නිලධාරීන් ඔවුන්ට නීතියෙන් දීලා තියෙන අවසරය අනුවයි ක්‍රියා කරලා තියෙන්නේ. අවුරුද්දකින් අවසන් කළ යුතුව තිබූ නඩුවක් ඇයිද දන්නේ නැහැ අවුරුදු 9ක් වගේ කාලෙකට ඇදගෙන ගියේ..
ජෙප්පෝ සෙට් එකක් හමුදාවට මානව හිමිකම් උගන්නනවා කමෙන්ට් වලින්. ඒ අස්සේ හරියට පුනරුත්තාපනේ නොවිච්චි කොටි දෙතුන් දෙනෙකුත් ඉන්නවා. බෝම්බ පුපුරලා, පෙට්ටියට සවලෙන් කෑලි එකතු කරපු, හමුදාවේ අය සීල්කරපු පෙට්ටි වලින් ගමට ආපු, බ්‍රේකින් නිව්ස් නම් අනිවාර්යෙන් බෝම්බයක් වෙච්චි කාලේ හිටපු නැති ලාමක සෙට් එකක් වෙන්න ඕනෑ. ඔය රතුපස්වල සිද්ධියත් ඇත්තටම වතුර ඉල්ලුවාට වඩා ඒ කාලේ පොලිටිකල් කැම්පේන් එකක් කරගන්නයි ඒ කාලෙත් ජෙප්පො දැඟලුවේ.. අර උමා ඔයේ හිල වගේ. අන්තිමට ග්ලවුස් ෆැක්ට්‍රිය ගලවලා වෙන රටකට ගෙනිච්චා. අපි ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා ඒ රටින් ග්ලවුස් ගේනවා...!
ඒ කාලේ වෙඩි තිබ්බේ සාමකාමී උද්ඝෝෂණයකට නෙමෙයි. හෙන සෙට් එකක් කුලප්පු කරවලා පොලිසියේ වෙපන් උදුරන්නයි, ඔවුන්ට ගහන්නයි ගියා නේද? ඒ වගේ වීඩියොත් ඒ කාලේ ප්‍රවෘත්ති වලට පෙන්නුවනේ. ඒ පාර නේද හමුදාවෙන් ගියාම ඔවුන්ටත් ගහන්න ගත්තා.. ඒ පාර වෙඩි තිබ්බා. හමුදාවට බනින එක හරිම ලේසියි, ඒත් ඇත්ත ඔයිට වඩා වෙනස්...!
ඇල්ෆ්‍රඩ්ගේ කතාව හරි... ඒ කාලෙත් ජෙප්පෝ ඕක මුල්කරගෙන අරගලයක් කරලා ගොඩ යන්න හැදුවේ... ඒක එදා කර ගන්න බැරිවුණා. ඔවුන් බලාගෙන ඉන්නේම මොකක් හරි පොඩි සිද්ධියක් වෙච්චි ගමන් මිනිස්සු කුලප්පු කරලා බලය ගන්න. හැබැයි ගත්තාට කොර ගන්නත් බෑ. මතකයිනේ තිස්සමහාරාමේ. ඒක තමයි හොඳටම කරේ.
බැසිල්ගේ ටීම් එක වැඩ පටන් අරන්. මේ ප්‍රවෘත්තියට දාලා තියෙන ප්‍රතිචාර ගොඩක් මේ රටේ සැබෑ අදහස් ප්‍රකාශ කිරීමක්. ඒ ප්‍රතිචාර වලින් කියලා තියෙන ගොඩක් දේවල් ඇත්ත. ප්‍රතිචාර දක්වපු මිනිසුනේ. හොඳට බලන්න. ඔබේ ප්‍රතිචාරයට ලැබී ඇති අන්ලයික් ප්‍රමාණය එක වර වැඩි වුණු විදිය..
සුපුන් චාමර, ජෙප්පන්ට සැබෑ ජන මතය එළියට එනකොට දරාගන්න අමාරුයි. එයාලගේ කෙප්ප බේගල් එලිවෙලා සමාජයේ කිච වෙන්න ගන්නවා කියන ඇත්ත එයාලාට උහුලාගන්න බෑ.
ඇත්ත එළියට එනකොට ජෙප්පන්ට පුදුම කැසිල්ලක්නේ තියෙන්නේ. ඔවුන්ට දරාගන්න බෑ. ඔවුන් සමාජ මාධ්‍ය වල වේවා, පත්තරේක වේවා විරුද්ධ මත දරනව නම් බයියෙක්, ටොයියෙක්, මෝඩයෙක්. ඔවුන් හෙන බුද්ධිමත්.... හැබැයි දැනුමයි, තර්කයි අමු ගොන්... හමුදා විරෝධය, සිංහල විරෝධය, බෞද්ධ විරෝධය, වෙන එකක් තියා ඔවුන් අදහන සමාජවාදී රටවලුත් එපාලු. ඔවුන්ට ඕනේ ඇමරිකාව ඇතුලු බටහිර ලංකාව කඩන්න උත්සාහ කරන පිරිස්වල සහයෝගය. ඒ රටවලත් බුද්ධිමත් අපක්ෂපාතී මිනිස්සුන්ගේ මත පිළිගන්න බෑ. පුදුම ලෙඩක් මේක... සමාජ පිලිලයක්...
මම මගේ කමෙන්ට් ඒක ලියුවේ ප්‍රවෘත්ති නාලිකාවක ගරු විනිසුරු තුමා ප්‍රකාශකළ දේශනය හොඳින් කියවා බලාය. හරිම පුදුමයි එක ලයික් එකට ඩිස්ලයික් හතලිස් ගාණක්... මෙතැන ඩිස්ලයික් වලට යම් පිරිසක් සංවිධානය වී කටයුතු කරනවා. ඒකට කමක් නැහැ. ඔබත් ගරු විනිසුරු තුමාගේ ප්‍රකාශය ඉතා සාවධානව කියවා බලන්න. වෙලා තියෙන දේ හොඳට තේරේවි.
චොකා මලයව,කපුටාස්ව,සුනාමි ආධාර හෝරාව නිදොස් කොට නිදහස් කල රටනේ.කමක් නෑ ඒ උනාට මේ මජරයෝ කල වෙඩි තැබීම් වලට දඬුවම් දෙන්න යාම රජ්ජුරුවෝ මග බලන් ඉන්නේ.එහෙදී දඬුවම් හරියට හම්බවෙයි