IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රත්මලාන ගුවන් තොටේ පහසුකම් වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 - 09 -17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කරන ලදුව, ලංසුකරුවන් නව දෙනෙකු විසින් සිය ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු අදාළ ලංසු ඇගයීමේ කමිටුව හා ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන Sanken Construction (Private) Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,046.29 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

රත්මලාන ගුවන් තොටේ පහසුකම් වැඩි කරයි

Perera Thursday, 09 October 2025 05:28 AM

2019 අනුමැතිය ලැබිලානම් ඒ කාලේම ලන්සුත් කඳවන්න ඇති. දැන් කාලේ හැටියට ඒ ලන්සු වලංගුද?????

:       1       1

de silva Thursday, 09 October 2025 11:07 AM

තවත් එකතරා මුදල් නාස්තියක් , කාටුනයක් ගුවන්තොටුපල පිහිටලා තිබෙන්නේ රත්මලානේ සිට කිලෝමීටර් 45 දුරින් , කටුනායක සිට කොළඹ නගරෙට අධිවේගී මාර්ගය භාවිතා කර පැයභාගෙට අඩු කලෙකදී ලග වෙන්න පුළුවන් , ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 2 කොළඹට අවශ්‍ය නැහැ , ඕක සම්පුර්ණයෙන්ම ගුවන් හමුදාවට භාර දිලා , අර කටුනායක ගුවන්තොටුපලට උතුරෙන් පිහිටි ගුවන් හමුදා කඳවුරත් රත්මලානට ගෙනත් එම බිම් කොටස භාවිත කර කටුනායක පුළුල් කරන්න කටයුතු කල නම් වටිනවා ,

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site