
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඇතැම් රෝගීන් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බවද එහිදී හෙළි වී ඇත
රෝහල්ගතවූ ඇතැම් රෝගීන් ගෙවීම් සිදු කර නැති බවත් විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නැති බවත් කෝප් කමිටුව පවසයි.
මෙම දූෂණ වංචා සහ ක්‍රමිකතා විමසීම සඳහා රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමටද මෙහිදී තීරණය කර ඇත.
මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බවට එහිදී තොරතුරු අනාවරණය විය.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ජපුර රෝහල් ගරාවැටී තියෙන තත්ත්වය වෙනස්විය යුතුයි. එවැනි සහ මිලට විශේෂඥ වෛද්‍ය සේවය ලබාගැනීමට හැකි රෝහලක් ගම්පහ දිස්ත්‍රික්කයටත් ලබාදෙන්න. ජපුර බාහිර රෝගීන්ට සැලකීම රාජ්‍ය රෝහල්වලට අන්තයි. රැඳීසිටින ස්ථාන අයුරුයි සහ විදුලි පංකාවක්වත් නෑ. ඔසුසලේ බෙහෙත් අලෙවිය ඒ අයගේ වේගයට. දවාලේ පැයක පමණ කාලයක් යනවා. අතිරේක ෆාමසියක් අවශ්‍යයි. සාමාන්‍ය ජනතාවට තියන ආපනශාලාව ඉඩ මදි. සොයා බලන්න.
ඔය ඉන්නේ ඉතින්... රට බංකොළොත් වෙන එක කියන්න ඕනෙද?
ලංකාවේ ආණ්ඩුවට පිස්සු ආණ්ඩුව පෞද්ගලික hospital පවත්වාගෙන යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒවා පෞද්ගලික අංශය කරගන්න දෙන්න ඕනෑ. ආණ්ඩුව ව්‍යාපාර කරන්න ගියාම වෙන්නේ වංචාව, දූෂණය... රජය පුළුවන් තරම් වෙළඳපොළ කටයුතු වලින් ඉවත් වෙලා නියාමනය කිරීම කරන්න ඕන. නැත්නං හැමදාම මේ වගේ වංචා දූෂණ ගැන කියව කියවා ඉන්න පුළුවන් ...
හරි දැන් අපි ඕක දැන ගත්තා මොකක්ද ඇති පලේ? ඕකුන්ට දඬුවම් නැහැ. ඒවාට නීතිත් නැහැ... නීති හදලා හරි එකෙක් දෙන්නෙක් ජීවිතාන්තය දක්වා හිරේ යැව්වා නම් ටිකක් හරි නවතියි...
නම් ගම් දේශපාලන සබඳතා හෙලි කරන්න. ඒ ඇති පාරෙ බැහැලා නොයන්න වැඩ වෙන්න.
රජයේ සාමාන්‍ය රෝහලක් වශයෙන් නැවත පවරාගෙන වෛද්‍ය වෘත්තීකයන් පරිපාලනයෙන් ඉවත්කර රජයේ පරිපාලන සේවයෙන් පරිපාලනය කළ යුතුයි. මොකද නිකන් පූල් අයටත් වැටුප් ගෙවන්නේ නෑ.