IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි



(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ  සන්ධානගත  (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ   මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවය.

මෙම කාර්යාලයේ සියලුම ගිණුම් සහ වියදම් කාලයක සිට නිශ්චිත විගණනයකට ලක්වී  නොතිබූ  බව කතානායකවරයාට තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි සියලු කටයුතු රජයේ විගණකාධිපතිවරයා යටතට පත් කිරීමට කතානායකවරයා පසුගියදා පියවර ගත්තේය.

පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරීන් කීපදෙනකු විදේශ සංචාරවලදී මෙහි විදේශ මුදල්(ඩොලර්) අයථා ලෙස පාවිච්චි කර ඇති බවට ලැබී ඇති තොරතුරක්  සම්බන්ධයෙන්ද කතානායකවරයාගේ අවධානය යොමුවී ඇත.

එසේම එම  අංශයේ වාහන පාවිච්චිය සම්බන්ධයෙන්ද චෝදනා  එල්ලවී ඇත. ඒ පිළිබඳවද විගණන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියකුගෙන් ඊයේ  අප කළ විමසුමකදී ඔහු  පැවසුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයා  විදේශ සබඳතා අංශයේ  පසුගිය කටයුතු කිහිපයක් ගැන මේ දිනවල පුළුල්ව සොයා බලාගෙන යන බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් අක්‍රමිකතා ඇති වීමට ඉඩ ඇති මාර්ග වසා දැමීමට කතානායකවරයා උපදෙස්දී ඇත.



අදහස් (4)

රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි

හසක Thursday, 20 March 2025 10:45 AM

මේ වරප්‍රසාද නැතිවෙනවට මේ අවභාවිතා කාරයෝ අකමැතියි. ඉතින් උන්ට පුළුවන් හැමදේම කරනවා මේ තියෙන ක්‍රමය රැකගන්න.

:       2       30

ddsThursday, 20 March 2025 12:07 PM

ඔය දේවල් මොනතරම් පෞද්ගලික මත (opinions) නැතුව කරුණු (facts) එක්ක කිව්වත් පිලිගන්න අකමැති, නැත්නම් නොතේරෙන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒ දේවල් කියලා, වාදකරගෙන වැඩක් නැහැ, ඒ අයටම අවබෝධ වෙනකන්.

:       2       12

බකල ජයා Thursday, 20 March 2025 10:54 AM

මූල්‍ය අධ්‍යක්‍ෂක නොදැනුවත්ව මේක වෙන්න පුළුවන් කියන එක උපරිම හොඳටම පිලිගන්න වෙනවා. මම පුදුම මෝඩයෙක්. පරීක්ෂණය කරන්නෙත් එයාමයි. තවත් හොඳයි. හරිම සාධාරණව, අපක්ෂපාතීව වැඩේ වෙයි. අනේ මං වගේ මෝඩයෙක්.

:       2       15

maalaka Friday, 21 March 2025 06:40 AM

මේ මුළු කාර්ය මණ්ඩලයම මාරු කරන්න .අලුතෙන් හිතන්න මේවා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site