IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රට විරු දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයැදුම්පත් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයැදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලයේ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින මාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාල අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයැදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයැදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.



අදහස් (3)

රට විරු දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයැදුම්පත් කැඳවයි

රුවන් Tuesday, 01 July 2025 03:56 PM

වැඩේ හොදයි.

:       0       3

Tharindu Tuesday, 01 July 2025 11:20 PM

එතකොට 2019 පෙර සිට මේ රට ට විදේශ විනිමය උපයා එවූ ශ්‍රමිකයන් ගේ දරැවන්ට?හැම දෙයක්ම අසුභවාදී ව නොදකින අතර අදටත් අවම වැටුප රුපියල් ලක්ෂයක්වත් මාසිකව නොලැබෙන අපේ රටේ ශ්‍රමිකයන් සිටින බව හොඳින් දන්නා කරුණකි

:       0       0

Sarath Wednesday, 02 July 2025 09:33 AM

මම අවුරුදු 15ක් පිට රට . ඇවිත් SLBF ලියාපදිංචි වෙලා . මගේ පුතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රේණිගත වීමෙන් 516 වැනි ස්ථානයක් ලබාගෙන A/L පාස්වෙලා දැන් රුහුණු විශ්වවිද්‍යාලයට ගිහින් අවුරුදු 2ක් කිට්ටු වෙනවා . දුව 5 ශ්‍රේණියට ලකුණු 168ක් ලබාගෙන පාසලකටත් ඇතුළත් වෙලා දැන් 7 ශ්‍රේණියට යනවා. තවමත් පෙරදී යොමු කළ අයදුම්පත් සඳහා මුදල්වත් දීලා නෑ. මේ අය අලුත් ආණ්ඩුවක් කියලා යළිත් බොරුවෙන් ජනතාව අන්දනවා . කලින් ඒවා දීලා ඉන්න ,නිකන පච වපුරන්නේ නැතුව

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 220 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 409 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site