IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රට පුරා ගුරු පුටු 36,178ක් හිස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිවයින පුරා ජාතික සහ  පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අැමැතිනී  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසුවාය   

ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවද අැය කීවාය

පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්ද , දකුණ 2,513ක්ද , මධ්‍යම 6,318ක්ද, වයඹ 2,990ත්ද , ඌව 2,780ක්ද , උතුරු මැද 1,568ක්ද, නැගෙනහිර 6,613ක්ද, සබරගමුව 3,994ක්ද සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක්ද වාර්තාවී ඇතැයි  අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ඉදිරියේ දී දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අඛණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම්  කර ඇතැයි කී අැය ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බවද පැවසුවාය.

මීට අමතරව ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.



අදහස් (0)

රට පුරා ගුරු පුටු 36,178ක් හිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 873 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site