
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කර්මාන්ත සඳහා ඉඩම් අක්කර පනස්දාහක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීහු ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසූහ.
මීට පෙර ජාතික සැලැස්මකට අනුව කර්මාන්ත සඳහා ගැළපෙන ඉඩම් ලබාදීමට කටයුතු නොකර දේශපාලනමය හෝ වෙනත් හේතු මත ඉඩම් ලබාදීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්වයක් ඇතිවූ බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මේ අනුව මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සාකච්ඡා කර ගත හැකි පියවර සහ ඉදිරි සැලැස්ම පිළිබඳව වාර්තාවක් දෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ද නිලධාරීහු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්හල් හදන්න ඉස්සෙල්ලා කම්හල්වල හදන්නේ මොනවද කියලා බලල ඉන්න. චින බඩු නිසා ලංකාවේ හදන කිසි දෙයක් ලාභයක් ඇතුව විකුනන්න බැ. නිකං බොරු වැඩ කරන්න එපා , රටේ සල්ලි නාස්ති කරන්න .
ගජමිතුරන්ට රජයේ ඉඩම් ටික කුණුකොල්ලෙට බෙදලා දෙන මගඩියක් මේක. දැන් ඉන්න ඇමතිලා දෙන ගේම් ජනතාව දන්නවා.