(අංජුල මහික වීරරත්න)

වර්තමානයේ  රටෙන් බාගයක් ඉන්නේ බඩගින්නේ බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

හැබැයි 75%ක් ජනාධිපතිට කැමති බවට වාර්තා පළවන්නේ යැයිද නාමල් රාජපක්ෂ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ පුත්තලමේ ජන හමුවක් අමතමිනි.

දැන් මේ  ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න වාර්තාව බොරු වෙන්න ඕනේ, මොකද බඩගින්නේ ඉන්න කෙනා මේ අනුර කුමාරට කැමතියි කියන්න විදිහක් නැහැනේ, මිනිස්සුන්ට තුන්වේල කන්න විදිහක් නැත්නම්. එහෙම නැත්නම් අර වාර්තාව හදපු කෙනා බොරු කියන්න ඕනේ

යනුවෙන් ද නාමල් රාජපක්‍ෂ මහතා කීය.