(සුජිත් හේවාජූලිගේ)
කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගේ තීරණය නබල 15 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි කෝවිඩි -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව නිදහස් කිරීම සඳහා තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ද යුද හමුදාපති කීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවහා සකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තිරණයක් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එහිදී තමාට දැනුම් දුන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
ඔව් නේද ? එහෙම වෙන්නත් එපැයි
හොඳ තීරණයක්..
ඡන්දෙට වියදම් කරපු සල්ලි... අරයා හම්බු කරගෙන ඉවර ඇති එහෙනම්...
ඒ නිරෝධායනය දැන්මම ක්‍රියාත්මක කරන්න. අපිට හෝටල් කාරයින් පොහොසත් කිරීමට කිසිම වුවමනාවක් නැත.
නාමල් ඩුබායි ගහින් එනකොට ගෙදර යන්න යන්න නම් පුළුවන්.
ඔබතුමාටත් මගේ යම් කැමැත්තක් තිබ්බා... එ්කත් අදින් අවසන් වුණා.. ඔබතුමා හිතනවද රටවල්වල ඉන්න ලාංකීය මිනිස්සුන්ට එන්නත ලැබෙනවද කියලා... මේ එන්නත ඉස්සරවෙලාම පිට රටවල් වලත් දෙන්න ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙනවා. අනික අපිට වෙනත් රටවල් වලින් ඇවිත් වැඩ කරන මිනිස්සු.. එ්ක නිසා අපි ඒ ලැයිස්තුවේ ඇතුළත් වෙලා නැහැ දැනට, මොකද මේ රටවල් වලත් තමන්ගේ රටේ පුරවැසියාට මුල් තැන දෙන නිසා, ඔයාලාට තේරෙන්නේ නෑ. ප්‍රශ්නය තියෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා..
දැනට ඇති තොරතුරු අනුව එන්නත් කිරීම හෝ නොකිරීම රෝගය පැතිරීම සැලකිය යුතු ලෙස වෙනස් නොකරයි. ඔබතුමා කළ යුත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට පැමිණෙන විට ඔවුන් තමන්ගේ නිවෙස්වල හෝ තම අතැති මුදලට සරිලන තමන් කැමති හෝටලයක දින 7ක් පමණක් නිරෝධායනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම...
හෝටල් කාරයෝ ටික ඇති කිව්වද?
නිකන් අපිව ගොනාට අන්දනවා. මම නම් තවම ලංකාවට එන්නේ නැත්තේ .. අර හැත්ත බුරුත්තටම අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික පූජා කරන්න කැමැති නැති හින්දා...
අනේ සර් ඉක්මණට ඔය තීරණේ අරගන්න. මුලු ලෝකෙම විශ්වාස තියපු ප්‍රතිශක්තීකරණය අපිට විතරක් නරක් වෙන්න බැහැනේ.
එක අතකට ලක්ශ ගණන් ගෙවලා හෝටල් වල නිරෝධායනය කරන එක හරි. අපේ මිනිස්සු විනයක් ඇතුව ගෙවල්වල හිටියොත් ලොකු දෙයක්.. දවස් 14ක් නිරෝධායනය කරනවා කියලා. ඕකෙනුත් ලෙඩේ වැඩිවෙනවා මිසක් අඩු නම් වෙන්නේ නෑ.
අනේ සිල්වා මහත්තයෝ කොහොමහරි ඉක්මනට ගෙදර නිරෝධායනයට ඉඩ දෙන්න. මොකද කියනවා නම් නාමල් ඇමතිතුමා පසුගිය 8 වෙනිදා ඩුබායි ගියා. එතුමා ආපසු ලංකාවට එන්න කලින් ඔය තහනම ඉවත් කරලා තිබුනේ නැත්නම් එතුමාටත් වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගිහින් නිකරුනේ දින 14ක් නාස්ති කරගන්න සහ රුපියල් ලක්ෂ 4ක් 5ක් හෝටලයකට පූජා කරන්න. ඒක නිසා නාමල් ඇමතිතුමා ලංකාවට ඇවිත් දින 14ක් එතුමාගේ නිවසේ නිරෝධායනය වුණාට පස්සේ ඕනෙනම් නැවත තම තමුන්ගේ නිවාස වල නිරෝධායනය තහනම් කරලා දාන්න. එතකොට අපි ලංකාවට එනකොට අපිට පුළුවන් දින 14ක්ම හොඳට තරු පෙනෙන හෝටලයකට වෙලා හොඳට නිරෝධායනය වෙලා අපිට ඉතින් ලංකාවට ඇවිත් ඉක්මනින් කරගන්න කියලා කිසිම වැඩකුත් නැති එකේ දින 14ක් කාමරය ඇතුළටම වෙලා ඉඳලා හෝටලය ඉල්ලන ගානක් ගෙවලා නැවත එන්න පුළුවන්... අපිට සල්ලි ප්‍රශ්නත් නැහැ. මොකද අපි හැමෝම ලංකාවට එන්න කලින් මෙහෙ තියෙන ගස්වලින් බෑග් පිරෙන්න සල්ලි කඩාගෙන එන්නේ.
කට විතරයි.., කරපූ කෙන්ගෙඩියක් නැහැ. නිකන් සීනී ගොට්ටට කඩේ යන්නේ නැතුව ඉන්න.
හරියටම හරි මල්ලී, ඔයා හරියටම හරි...
ඇත්තම කියනවා නම් මට නම් පුදුම සතුටක් තියෙන්නේ ඔය විදේශගත ශ්‍රමිකයින්ව හෝටල් නිරෝධානය කිරීම සම්බන්ධව. පහුගිය කාලේ උඩ පැනගෙන අතින් වියදම් කරගෙන චන්දෙ දාන්න ආපු සල්ලි ටික ඉතුරු කර ගත්තා නම් අද ඉන්න රටකට වෙලා කාල බීලා හරි ඉන්නවා. එහෙම නැත්නම් මෙතන නාහෙන් නාඩා හෝටල් බිලවත් ගෙවා ගන්න තිබුනා. මම නම් කියන්නේ ඔය නිරෝධායන කාලය මාස තුනක් වත් දිගු කොට ඔවුන්ගේ සල්ලි සුරාගෙන නැවත පිටරටවලටම ආපසු දැක්කිය යුතුයි. පිටරටවල පාලකයින්ට පින්සිද්ධ වෙන්න ඒ රටවලින් බඩ කට පුරෝගෙන ලංකාවේ පහරන්න එන රටවිරුවන් යයි විරුධාවලිය ලත් මෝඩ රට හරක්ට හොඳම වැඩේ???
මොකද ඇවන්ගාඩ් හම්බ කලා ඇතිද කිව්වද? මේ නිරෝධායනය ගසාකෑමට ඔය සියල්ල සම්බන්ධයි. මැදපෙරදිග දහදුක් විඳලා හම්බකරපු තුට්ටු දෙක ගසා කාලා උපයාගනිපු සල්ලි විනාශවෙලා යන්න ඕනෑ. දෙවියෙන්ම බලාගන්න ඕනෑ.
මෙය නොකළයුතු දෙයක්... බොහෝ ලාංකිකයින්ට හැදියාවක් නැත. මේ අය ගෙනාපු බෝතල් ඉවරවෙනකල් රෑට රෑට පාටි දමයි.
එතකොට රටවිරුවෝ ඊළඟ ඡන්දෙ දාන්න එනවා අනිවාර්යයෙන්ම... නන්ද සීනි නියමයි.