IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රටවල් 15ක ව්‍යවසායකයෝ ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීම  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කෙරෙන වේදිකාවක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයේ ගෝලීය සම්මේලනය කටයුතු කරයි.

“ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යාපාර එක්සත් කරමින් –  ඉදිරියට” මැයෙන් අද (25) සහ හෙට (26) යන දෙදින පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 15ක ව්‍යාවසායකයෝ එක්ව සිටිති.

ගෝලීය වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම, නව ආයෝජන කැඳවා ගැනීම සහ ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මෙරට ආර්ථිකයට සක්‍රීය ලෙස දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡා මණ්ඩපයක් සැකසීම මෙවර සමුළුවේදී සිදු කෙරේ. 

මේ වන විට, ශ්‍රී ලංකාවේ  ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් මෙරටට පැමිණ නොබියව අයෝජනය කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

එහිදී, මීට එක්ව සිටි ව්‍යාපාරික ප්‍රජාව එම ආරාධනයට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමද විශේෂත්වයක් විය.

මෙහි ජාත්‍යන්තර කවුන්සිල නියෝජිතයන් හට සංකේතාත්මකව ඇගයීම් තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. 

විදෙස් තානාපතිවරු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ මහලේකම් ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (1)

රටවල් 15ක ව්‍යවසායකයෝ ලංකාවට

Neel Friday, 25 July 2025 06:49 PM

ශ්‍රී ලංකාවට හොඳ කාලයක් උදාවන බව පේන්න තියෙන බව කිවයුතුයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site