(යොහාන් භාසුර)

විදුලිය බිඳ වැටී පැය හයකට පමණ පසු දිවයින පුරාම විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩය දැනුම් දුන්නේය.

කොත්මලේ සිට බියගම දක්වා විදුලි රැහැන්වල දෝෂයක් මෙම විදුලි විසන්ධිවීමට හේතු වි ඇති බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල මණ්ඩලය පවසා සිටියේ මෙම සිද්ධියෙන් විදුලි පාරිභෝගිකයනට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවයි.

තවද විදුලිය විසන්ධි වූ මොහොත් මාධ්‍ය සිදු කළ මෙහෙය සම්බන්ධයෙන් සිය කෘතඥ තාවය ද පුද කර ඇත.

කෙසේ වුවද මෙම විදුලි විසන්ධිවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරම්භකරන බවද විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

-----------------------------

(යොහාන් භාසුර)

මුළුමනින්ම ඇන හිට තිබූ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්වය ට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

සෙසු ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් ලබා දීමට කටයුතු කරමින් ඇති බවද පවසයි. පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද සවස රට පුරාම විදුලිය විසන්ධි විය.

ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.

රාත්‍රි 9.30 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බවද එම ප්‍රකාකයා වැඩි දුරටත් පැවැසීය.

කෙසේ වුවද ජාතික රෝහලට ඇතුළු සියලු රෝහල් ආසන් ප්‍රදේශවලට මුලින්ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ගෙන යයි. 

විදුලිය විසන්ධි වීම නිසා ජල සැපයුමට ද යම් බාධාවක් එල්ල වි ඇතැයි වාර්තාවේ.

--------------------------------------

6.48

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ

(යොහාන් භාසුර )

කොළඹ, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක ඇතුළු විශාල ප්‍රදේශයකට විදුලි සැපයුම බිඳ වැටී ඇති බව ජනතාව පවසති.

මෙම විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී පැවසුවේ විදුලිය බිඳ වැටීමක් පිළිබඳව වාර්තා වී ඇති බවත් එම විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් වාර්තා කර නොමැති බවත්ය.

ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු අංශය මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.