(අංජුල මහික වීරරත්න)
රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ බවත්, ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළ රටටත් ජනතාවටත් සහනයක් උදාකර ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම ඒක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමි (64) ඊයේ (29)රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසයි.
විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිගකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති.
මැලේසියාවේ සෙන්තුල් හි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළ ඔක්තෝබර් 6 වැනිදා තෙක් රක්ෂිත
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමේ සැලසුම සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල
2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත.
වර්ෂාව සහිත හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (30) දහවල් 12 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 90 ක් වශයෙන් සදහන්ව තිබූ බවත් මෙය අත්තනගලු ඔය පිටාර මට්ටමක
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
රටටම වතුර දෙන වැඩසටහන කඩිනම් කරයි
Anonymous Friday, 01 September 2023 07:45 PM
සනත් නිශාන්ත අපේ ඇමැතිතුමාට ජයවේවා...!
AnuraSaturday, 02 September 2023 07:32 AM
මල් නෙලමු...
බද්රානි Friday, 01 September 2023 09:01 PM
"ඔක්සිජන් කන්නද?" කියලා අහපු මදාවි ගෝලයාගේ මහ එකා නේද මේ...? කැලේ විනාශ කෙරුවාම කොහෙද මේ මහපොළවේ ජලය ඉතුරු වෙන්නේ...? මේ රටේ ජල සම්පත විනාශ කරපු එවුන්ම දැන් ජල ව්‍යාපෘති කරනවා කියලා ඇහුණාම, අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා බන්.... මේ වගේ එවුන්ට ඡන්දෙ දීපු පුත්තලම් බූරුවන්ට වතුරත් නැතිවෙන්න ඕනෑ කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ...!!!
සල්ලි Saturday, 02 September 2023 06:31 AM
මේ අය මේ අරකයි, මේකයි කියාගෙන ආයිමත් මිනිස්සු රවට්ටනවා. ස්ථාවර රටක් හදන්න ඕනෑ නම් මොලේ තියන මිනිස්සුන්ට නායකත්වය දීපල්ලා. ඔය දැන් ඉන්න ගොන් නාම්බන්ට පිටරටවල උපාය මාර්ග එක්ක හැප්පෙන්න බෑ...
Hafeel Saturday, 02 September 2023 06:43 AM
මෙයා පත්කළ රනිලුත් දිනපතා කියනවා, කරනවා, පටන් ගන්නවා කියලා මිස කරපු දෙයක් නැහැ. දැන් මෙයාත් එයා වගේමයි. මාධ්‍ය සංදර්ශනය නැතුව, නිකම් මයික් තලන්න නැතුව වැඩ කරන්න...
Bamunuarachchi Saturday, 02 September 2023 09:23 AM
ඉස්පිරිතාලෙක පණ ඇද්දත් මේ හාදයාට ඔක්සිජන් නම් දෙන්න එපා. මෙයාට ඔක්සිජන් ඇලර්ජික්.
විජේ Sunday, 03 September 2023 06:33 AM
"වතුර කන්ඩද ඕයි" කියලා අහන්න එකෙක් නෑනේ...
Lalla Sunday, 03 September 2023 01:32 PM
මේ බොරුව කාටද කියන්නේ...? ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති අසාර්ථකයි. නඩත්තුව නෑ. අපිරිසිදු ජලය බෙදනවා.. ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම නවත්තන්න ක්‍රම නෑ. මහාපරිමාණ ජල ව්‍යාපෘති මෙන් නොව කුඩා යෝජනා වලට යොදන මුදල් නිශ්ඵලයි. ගසාකෑම වැඩියි.
fairoos Monday, 04 September 2023 12:51 PM
පුත්තලමේ බූරුවාටත් රාජ්‍ය ඇමතිකමක් දීලා නේ ?