IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුත් යන්ත්‍ර

(අංජුල මහික වීරරත්න)

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා රජයේ සියලුම රහස්‍ය හා අනෙකුත් සියලුම මුද්‍රණ අවශ්‍යතා නියමිත ගුණාත්මක තත්ත්වයෙන්, විවෘත වෙළෙඳ පොළ තරගකාරීත්වයට මුහුණ දෙමින් පූර්ණ රහස්‍ය භාවයෙන් හා වගකීමෙන් යුතුව සපුරාලීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එහෙත්, නවීන තාක්ෂණයෙන් යුතු මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම, යන්ත්‍ර ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් බිඳවැටීම් වලට ලක්වීම, ඉහළ නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවීම, ඉහළ ශ්‍රම භාවිතය වැනි අභියෝග වලට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදුව ඇත. ඒ අනුව, නවීන තාක්ෂණික මුද්‍රණ යන්ත්‍ර හා ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම හා එම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම තුළින් මුද්‍රණ කටයුතු වල ධාරිතාව ඉහළ නැංවීම, ආරක්ෂිතව මුද්‍රණ කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් ගොඩ නැංවීම, රාජ්‍ය නොවන අංශ සමඟ තරගකාරීව මුද්‍රණ කටයුතු වල නිරත වීම යන අරමුණු සපුරා ගැනීම පිණිස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එකී ව්‍යාපෘතිය 2026-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුත් යන්ත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site