
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඩු කැරට් සහිත රන් බාන්ඩ වැඩි තක්සේරු වටිනාකමට උගස් ගැනීම සිදුකරමින් රුපියල් 99,370,100/= වංචාවක් සිදු කළ කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවේ උකස් අංශයේ සේවය කරන මාණ්ඩලික සහකාර (තක්සේරුකරු) නිලධාරිනියකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ 01 වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකාර මාන්ඩලික නිලධාරිනිය අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකාරිය පානදුර අළුබෝමුල්ල හොරණ පාර පදිංචි 31 හැවිරිදි තැනැත්තියකි
සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ 01 මගෙන් විමර්ශන සිදු කෙරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ඕන තරම් ඔයවගේ වැඩ කරල දේශපාලන බලයෙන් බේරෙනව. දැන් නම් එහෙම බැරි බව පේනව නේද.
මේවාගෙ වැඩ තව කොච්චර නම් වෙනව ඇත්ද? රටම හොර ගුහාවක් වැටුපට එහා යහමින් වියදම්කරමින් සුඛෝපභෝගී ජීවිත ගතකරනවනම් එතන ? මෙහෙම රටක් කොහොම හදන්නද .මේ අයට ලජ්ජාව නැද්ද .දරුවො කකොහොමද පාරෙ බැහැල යන්නෙ.
දැන් විපක්ෂ වැලළෙයි රාජ්‍ය සේවකයින් අධෛර්යමත් කරනවා කියලා..........