
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේ සහ මෙම වසරේ ක්‍රියාත්මක වූ රුපියල් ට්‍රිලියන 3 ආසන්න වටිනාකමින් යුත් ව්‍යාපෘති 83 ක ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් වැඩි ප්‍රමාණය රජය විසින් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් එය අනුගමනය නොකිරීමෙන් රජය තොරතුරු දැනගැනීමේ පනතේ නියමයන්ට පිටුපා තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.
මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ පර්යේෂණයේදී පසුගිය වසරේ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති 60 ක් සම්බන්ධයෙන් විමසා බලා ඇති අතර එහිදී එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් සියයට 82 ක්ම ප්‍රසිද්ධ කර නොමැති බව හෙළි වී ඇත.
මෙම වසරේ ආවරණය කළ ව්‍යාපෘති 60 න් 37 ක් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වෙමින් තිබූ පරණ ව්‍යාපෘති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අමාත්‍යංශ සහ අදාළ ආයතන වෙබ් අඩවිවල, ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කර තිබීම සහ නොතිබීම පදනම් කර ගනිමින් මෙම අගයන් වෙරිටේ රිසර්ච් ආයතනය ලබා දී ඇත.
තොරතුරු ප්‍රසිද්ධ කරන විට සිංහල සහ දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව තොරතුරු දැනගැනීමේ පනත මගින් නියම කර ඇතත් 2022 වසරේ ආවරණය කරන ලද ව්‍යාපෘති 60, ප්‍රසිද්ධ කර තිබෙන තොරතුරුවලින් සියයට 18 ක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇති බවත් සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ සියයට 5ක් පමණක් බවත් දෙමළ භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ සියයට 4 ක් පමණක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව නොදන්නා සියයට 69 කට එමගින් ව්‍යාපෘති පිළිබඳව තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අවහිර වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසා ඇත.


2025 දෙසැම්බර් මස 04
270
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
405
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජය තොරතුරු පනතේ නියාමනයට පිටුපාලා - වෙරිටේ
අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Friday, 01 September 2023 10:16 AM
දිවි හිමියෙන් හෝ ආරක්ෂා කරගත යුතු කොමිෂන් සභාවකි...