
(ජේ. ඒ .එල්. ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයට අයත් ,මල්වතු මහා විහාර පරිශ්‍රයේ පිහිටි දළුක්ගොල්ල රාජ මහා විහාරයට අයත් ,පන්සලක තිබූ වටිනා. මැණික් ගල් කීපයක් සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිළි ලැබීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් එම විහාරස්ථ පරිශ්‍රයට ගොස් ,විහාර භූමියේ සවිකර තිබෙන ස්වයංක්‍රීය ආරක්ෂිත කැමරා පද්ධතියද ( සීසීටීවී) විශේෂ පරීක්ෂාවට ලක් කරතිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
සොරකම් කරගෙන ගොස් ඇති මැණික් ගල් වල වටිනාකම රුපියල් කෝටි එකහාමාරක් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සැළවූ වහාම මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම් භ කිරීම සඳහා මල්වතු මහා විහාර පරිශ්‍රයට ගොස් ඇත.
මල්වතු මහා විහාර පරිශ්‍රයට පොලීසියට අමතරව යුද හමුදා ආරක්ෂාවද සපයා තිබේ.
2025 දෙසැම්බර් මස 04
294
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජමහ වෙහෙරක තිබූ මැණික් සොරු අරන්
Pankumburage Thursday, 13 November 2025 10:20 AM
තණ්හා ජායතී සෝකො. බණ පදයක් හාමුදුරුවනේ.
Lakmal Thursday, 13 November 2025 10:24 AM
හොරකම උනාට පස්සේ ආරක්ෂකයන් මොනවා රකින්නද ?
චන්ද්‍රා Thursday, 13 November 2025 12:45 PM
අශ්වයා පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහල මක් කරන්නද?
Kule Thursday, 13 November 2025 02:18 PM
ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහපු අයට ඕක මොන කජ්ජක්ද?
ප්‍රියන්ත Thursday, 13 November 2025 04:14 PM
මනුතාපයේ බිස්කූන් වහන්සේග් චරිතය සිහිකරගන්න.
ලක්විදු Thursday, 13 November 2025 04:16 PM
තිබුනත් වැඩක් නෑනෙ. ලෝකෙ විනාසෙ වෙනකං ඔහෙ තියෙයි. හේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන ඔය පංසල්වල තියෙන මැණික්, රං රිදී බඩු විකුනලා අහිංසක මිනිසුන්ට පිහිට වෙන්න.