(රෝෂන් තුෂාර)
හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා(18) දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නොතීසී නිකුත් කළාය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා ගොනු කළ ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය නිකුත් කළාය .
සැකකරුවෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ ධීවර ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සිවිල් කරුණක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වීමට නියමිත බවය.
කිරින්ඳ ධීවර වරාය සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් වන කරුණක් පාදක කරගෙන මෙම විමර්ශනය සිදු කරන බවත්,වැලි ගොවුවා නෞකාව යොදාගෙන කිරින්ද ධීවර වරායෙන් සුද්ද පවිත්‍ර කිරීමෙන් පසු අදාල විදේශීය සමාගම මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවතීන බවත් පැවසීය.
එසේ සිවිල් කරුණක් පාදක කරගෙන නඩුවක් පවතින කටයුත්තක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිරපරාදේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින හෙයින් අල්ලස් කොමිසමට නොතීසී නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 18 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කළාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාජිත ගැන කරුණු කියන්නැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකට නොතීසි
Asela Monday, 14 July 2025 11:48 AM
ගුණරත්නට සල්ලි පොම්ප කරන්න රාජිතට සල්ලි තියෙන නිසා. මමයි වෙන කවුරු හරි හිටියා නම්, අපි දැනටමත් රිමාන්ඩ් එකේ. සල්ලි නෑ, ප්‍රශ්න ගොඩක් තියෙනවා. සල්ලි නම්, සාක්කුවේ ආණ්ඩුව, පොලිසිය ඔක්කොම පොකට් එකේ සහ අධිකරණයේ. අල්ලස සහ දූෂණයට විකුණුම් ඉලක්කයක් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ.
අරවින්ද මොණරවිල Monday, 14 July 2025 01:12 PM
මෛත්‍රී කිව්වත් නැතත් අපි දැනගෙන හිටියා රාජිත කොතරම් සේවයක් ධීවර ක්ෂේත්‍රයට කරලා තියෙනවාද කියලා, ඒ නිසා උසාවි තුළ වුණත් ඕවා ඔය තරම් කියන්න යන්න එපා හොඳේ... එතකොට අපිට අතීතය සිහිපත් වෙනවා...!
prasanna Monday, 14 July 2025 02:32 PM
නඩු හදන්නේ කොත්තු රොටි හදනවා වගේ...!