(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කළේය.
අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ හර්ෂණ කැකුණුවෙල මහතා සඳහන් කර සිටියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමස කිසිදු බාධාවක් නොමැති බවය.
ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
රනේ Friday, 11 July 2025 02:33 PM
දැන්ම දුවන්න. දුවලා ගිහින් හැංගෙන්න බලන්න..
nimalSaturday, 12 July 2025 08:04 AM
ඔහු නිවැරදි නම් අධිකරණයට පැමිණ ඔහු වරදක් කර නොමැති බවට ඔප්පුකළයුතු නොවේද?
Siri Friday, 11 July 2025 03:00 PM
අප්පට සිරි.
Asela Friday, 11 July 2025 03:01 PM
නීති විරෝධී ලෙස 323 දෙනෙකු මුදා හැරීමේ පාඩු සඳහා, කිසිදු නඩු පැවරීමක් හෝ CID හෝ අධිකරණයේ ක්‍රියාකාරී මැදිහත්වීමක් නොමැත. ඒ හා සමානව, සතුන් ගණන් කිරීම සඳහා මහජන මුදල් නාස්ති කිරීමක් සිදු නොවේ. හැමෝම නිහඬයි. මේ නිසා අපි තවමත් තුන්වන ලෝකයේ රටක්. බලයේ සිටින අය කරන ඕනෑම දෙයක් "හරි".
ajithFriday, 11 July 2025 04:37 PM
මෙන්න හොරෙක්...
ප්‍රියන්තFriday, 11 July 2025 07:46 PM
හලෝ අසේල, ඉතිං ඒ පිළිබඳව නඩු පවරන්නකෝ... ඔයාට කවුරුවත් එපා කිව්වේ නෑනේ...
නිහාල් Friday, 11 July 2025 08:00 PM
රිදෙනකොට කෙඳිරි ගෑවෙන එක සාමාන්‍යයි ඉතින්...
නිහාල් Saturday, 12 July 2025 01:25 PM
බහාලුම් 323ක් නිදහස් කළ නිසා රාජිතත් නිදහස් කළ යුතුයි. මරු ලොජික්....
අරුණි Friday, 11 July 2025 03:05 PM
අවුරුද්දක්ම වෙන්න ආවා. කවදාද ජනතාවගේ ජීවන ගැටළු අමතන්නේ? අවු 5ම මේවා බල බලා ඉන්නද නැත්තං ඕගොල්ලෝ ගෙදර යවන්න ඉස්සෙල්ලා යනවාද?
බක්මීගොල්ල Saturday, 12 July 2025 07:42 AM
අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙත්, බලාපොරොත්තුවත් කව්රුහරි නිකං දෙනවා නම් කන්නයි. පිනට කන්න. තමන් මහන්සිවෙලා උපයාගෙන කන්න මැළිකමක් තියෙනවා. මොන තරම් අවස්ථා තියෙනවාද දියුණුවන මිනිහෙකුට දියුණු වෙන්න. උත්සාහය විතරයි ඕනෑ. ඒක අඩුයි. ඒකයි ප්‍රශ්නේ. කාටවත් බැනලා හරියන්නේ නෑ. කව්රු ආවත් ඔච්චර තමයි. අපිම හම්බ කෙරුවොත් අපිට තියෙයි. දෙනකන් බලාපොරොත්තු වෙන්න එපා. අදම පටන් ගන්න... මේ ගොල්ලන් තමයි "හොඳටම කීවේ " සහන දෙන විදිහ. කෝ ලැබුණාද? අනිත් අය වගේමයි. වෙනසක් නෑ."බලේ තියෙනකොට මොලේ නෑ, මොලේ තියෙනකොට බලේ නෑ" කියලා කීවේ නිකං නොවේ. ඒවා වෙනස් නොවෙන සත්‍යය...
ප්‍රියන්තSaturday, 12 July 2025 07:02 PM
ගැටළු විසඳන හැටි හැමෝටම පේනවා, ඔහෙට නොපෙනුණාට. හොරු අල්ලන එකත් ප්‍රධානම ගැටළුවක් විසඳීමක් තමයි අරුණි.
විපරමා Friday, 11 July 2025 03:11 PM
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නලු පැති මාරුකළේ?බලයට තියෙන ආසාවට නෙවෙයිලූ. සව්ක්‍ය ඇමැතියා කාලේ තමුන්ගේ බිරිඳට රෝහල් අද්යක්ෂ කෙරුවා.
Shantha - Qatar Friday, 11 July 2025 03:29 PM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... මහනුවර දිස්ත්‍රික්කය හඟුරන්කෙත ආසනය...
Nihal Friday, 11 July 2025 04:09 PM
අද සිට සදාකාලිකවම ලෙඩෙක්...
අරවින්ද මොණරවිල Friday, 11 July 2025 04:24 PM
තව එක කම්බ හොරෙක්, ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පැන පැන පවුල පිටින්ම හවුලේ හොරකම් කෙරුවා. දැන් ඉතින් පවුල පිටින්ම හිරේ විලංගුවේ ලගින්න සුදානම් වෙයල්ලා...
Sugathapala Friday, 11 July 2025 05:20 PM
ඉතින් තමනුත් හැමදාම කලේ ඒකමනේ උඩ බලාගෙන කෙලගහන්න ගියාම වැටෙන්නේ කොහේටද මහත්තයෝ...?
පම්පෝරි ජනක Friday, 11 July 2025 04:56 PM
දැන් එහේ තවත් ලස්සන වෙන්නයි යන්නේ, ඒක නෙමෙයි මොකද මේ සිලින්ඩර් බයියෝ කෙඳිරි ගන්නේ?
පිටිගල මිලානෝ Friday, 11 July 2025 05:03 PM
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට තවත් සාමාජිකයෙක්...
Shi Friday, 11 July 2025 08:02 PM
අල්ලනකොට කෙඳිරි ගාන්න එපා… හොරුන්ට රිදිලා
chandima Friday, 11 July 2025 09:41 PM
කටට ඉබ්බෙක් දාගෙන ආවොත් දඬුවම ලිහිල් වෙයි.
Malaka Friday, 11 July 2025 10:04 PM
කිඹුල් තඩියා...
de silva Saturday, 12 July 2025 12:15 AM
ඔන්න අල්ලන්න එනවා කියලා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරලා හොරු අල්ලන්න එනකොට හොරු පැනලා යන එක පුදුමයට කාරණයක් නොවේ.. රජිතයා අල්ලන්න එනවා කියලා කියන්නේ දැනට මාසෙකට විතර කලින් ඉඳන් බෝට්ටුවක නැග්ගා නම් දැන් ඉතාලියට වුණත් යන්න කාලවේලා හොඳටම ඇති...
ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Saturday, 12 July 2025 08:38 AM
අපි ශෝ එකක් කරනවා අපේ පිං පඩි බලකාය විසිල් ගහනවා බල්ටි ගහනවා.. අම්මපා..
රුවන් Saturday, 12 July 2025 09:36 AM
අරුණි, අසේල හැර තවත් දේශපාලන වංචා, දූෂණ, සොරකම් වලට සම්බන්ධ අපරාධකරුවන් තවත් මේ කමෙන්ට් සමූහය තුළ ඉන්නවා නම් කියන්න. බැලින්නම් ලංකාවේ 5-10% සෘජුවම වංචා සඳහා සම්බන්ධයි... විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් පවා...
සුරේන් Saturday, 12 July 2025 11:53 AM
කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. දැන් ඉතින් නැතිලෙඩ මතුවෙයි. අනිච්චේ දුක්ඛේ සංතෝසේ බැරුවා...!
චින්තක Saturday, 12 July 2025 12:45 PM
වාසියට පක්ෂ මාරු කරන, හොරකමේ ඉහළින්ම ඉන්න තවත් පාදඩයෙක්. හිරේ නොවෙයි නිරේ අපාදුක් විඳින්න ඕනෑ.
චින්තක Saturday, 12 July 2025 06:32 PM
යහපාලන කාලයේ මොහු සෞඛ්‍ය ඇමැතිවෙලා බෙහෙත් මාෆියාවට විරුද්ධව සටනක් කළා... ඒ කාලයේ රජයේ රෝහල් පරිශ්‍රවල රජයේ සේවකයින් මොහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු කියලා බැනර් ප්‍රදර්ශනය කරලත් තිබුණා...