IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රාජිතට ලංසාට ගෙදරින් කෑම

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත.

එම දෙදෙනා කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.

මේ අනුව දෙදෙනාම ඊයේ දහවල් සිට ගෙදරින් කෑම ලබාගෙන ඇත.

මෝදර ධීවර වරාය බඳු දීමේදී රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාඩු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

 



අදහස් (8)

රාජිතට ලංසාට ගෙදරින් කෑම

Perera Monday, 01 September 2025 07:51 AM

එතකොට රතන හාමුදුරුවන්ට කොහෙන්ද දානය ලැබෙන්නේ?

:       2       10

විපරමාMonday, 01 September 2025 10:00 AM

පරණ ජෙප්පෙක් නිසා පැලවත්තෙන් යවයි.

:       9       7

ප්‍රොමිස්...කා Monday, 01 September 2025 08:01 AM

දවසක අපේ අයටත් හමින්බර්ඩ් එකෙන් වැලිකඩට කෑම සප්ලයි කරනවා. ඇත්තමයි.

:       2       8

maalaka Monday, 01 September 2025 08:37 AM

ඇයි මේ අයට විශේෂයක්? හැම කෙනෙක්ටම මෙහෙම කරන්න පුළුවන්ද? නීතිය සමාන නැද්ද ?

:       6       5

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:46 AM

ටික කලක් ගෙදරින් කෑවාදෙන් පස්සේ සදහටම කල්දේරම් බත් කන්න වාසනාව ලැබෙයි...

:       1       1

Nihal Dharmatileke Monday, 01 September 2025 12:21 PM

ඔය කෑම පාර්සලය අවුස්සලා බලන්න...

:       1       2

කපුරුහාමි Monday, 01 September 2025 01:17 PM

දූෂිත දේසපාලුවෝ හොරා කාලා තියෙන විදියට මුලු බන්ධනාගාරයටම කෑම සපයන්න බැරිකමක් නැහැ...

:       1       2

විදුරංග Monday, 01 September 2025 04:08 PM

ඇයි මේ මෙව්වත් ලොකු සීන් කරගන්නේ? අපේ ගමේ කොල්ලෙක් ඇතුලේ ඉන්න කොටත් අපි දවස ගානේ කෑම ගිහින් දුන්නා. මේවා සිල්ලර දේවල්. හිරේ ඉන්න ඕනෙ කෙනෙකුට කෑම ගිහින් දෙන්න පුළුවන්. ඒක විශේෂ දෙයක් නෙවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 95 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site