
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
මෙසේ මියගියේ නිකවැරටිය මොන්නෑකුලම, කරිහට්ටිකුලම පදිංචි එච්.එම්. උපුල් මධුශංක (37) නැමැති රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි.
මියගිය කොස්තාපල්වරයා රස්නායකපුර කඩිගාව ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී 8.00 ට පමණ තවත් පොලිස් නිලධාරකු සමග වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෙවැනි පළමු හෝ අවසාන අනතුර නොවේ. මාර්ග රාජකාරියේ නියුතුවන පොලිස් නිලධරයනට හදිසි අනතුරු රක්ෂණ ආවරණයක් ලබා දීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.
කට්ට කරුවලේ කාකි ඇඳන් පාරට පැනල අත දාල වාහන නවත්තන පොලිස් නිලධාරියෝ ඉන්නවා, දුරට පේන්නේ නැහැ, අමාරුවෙන් අනතුරු නොවී බේරිලා තියෙනවා. රාත්‍රියේ මාර්ග පරීක්ෂාව කරන පොලිස් නිලධාරීන් විශේෂ ඇඟලුම් පන්දින්න, විශේෂ වර්ණ සංඥා පුවරු පාවිච්චි කරන්න ඕන.