
(අංජුල මහික වීරරත්න)
පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලූම් 323 හි තිබුනේ මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ රේගුවෙන් විමසීමක් කළත් ලැබුණේ යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඇසූ ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට ඔවුන් ජනවාරි 29 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක පිටපතක් සහ " ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි" යන සටහන පමණක් ඒවා තිබු බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මේ බව කීවේ කොළඹදී අද (27)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පරීක්ෂා නොකර පිටත් කළ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද? බහාලුම් කීයක් තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද?යනුවෙන් තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට රේගුවේ ලිපි ලේඛන නැතැයි පැවසීම අස්වාභාවික තත්ත්වයක් බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.මේ අනුව රේගුව යම් දෙයක් සඟවන්නට හදන බව පැහැදිලි යැයිද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෙක්ට උත්තර දෙන්න රේගුවට උවමනාවක් නැතුව ඇති.
ඕවා එළිවෙන්න ආණ්ඩු මාරු වෙන්න ඕන.
ඔක්කොම දන්නවා රේගුවේ තිබුණු තදබදය නිසා මේවා යැව්වා කියලා... මොවුන්ට ඕනෑවෙලා තියෙන්නේ... කොහොම හරි කරලා රට අවුල් කරන්න. මොනවා හරි නීතිවිරෝධී දේවල් තිබුණා කියලා දන්නවා නම් බොරුවට රඟන්නේ නැතිව පැමිණිලි කරපල්ලා.
මේ යන විදිහට නම් ඉතින් එල්ලෙන්න කන්ටේනර් පෙට්ටියක් වත් තියෙන එක ගැන සතුටු වෙන්න.
මොවුන් මෙච්චර හංගන්නේ මොකද? මොකක් හරි තහනම් ද්‍රව්‍යයක් මේ කන්ටේනර් වලින් ගෙනාවාද?
ගොබ්බයෝ ආන්ඩුව කරන කාලේ. සේරම වසවිස කන්ටේනර් පිටින් පාස් කෙරුවේ මෝඩ හැතිකරේ... අසරණ ජනතාව දැන් කොයිතරම් ලෙඩදුක්වලින් මිදෙනවාද? තරුණයින් මත්වෙලා මේ සේරම කෝටි ගණන් පගාවට කරපු දෙවල්. ලන්කාව දැන් නරකාදියක්. මේ මල පේරේත ගොබ්බ රෑන නිසා. අවංකව වැඩ කරන මාලිමාවේ වැරැදි හොයනවා. නාකිමයිනයි, ගොබ්බයයි පිනා රනිල් වැඩකරන කාලේ නැට්ට අකුලන් හිටියේ. ඕනම වැරැදි වැඩක් දැක්කේ නැහැ වගේ හිටියේ... මොවුන්ට හිතුවට හොරාකන්න ජනතාවගේ මුදල් බුක්ති විඳින්න. ඔය ලොකු ගොබ්බයෝ තුන් දෙනා. ඉඩ දුන්න නිසා...
චතුරි නෝනෝ මේ ආණ්ඩුවත් කන්ටේනර් 323ක් පැන්නුවා... ඒවායේ ගෙනාපු දේ මොනවාද කියලා රේගුවේවත් විස්තර නැහැ කියලා තමා ප්‍රවෘත්තිය, ඉතින් ඔබතුමී කියන ගොබ්බයෝ මේ ආණ්ඩුවේම අය නේද? ටිකක් කල්පනා කරලා බලන්න...
මේකෙන් ගැලවෙන්න නම් බැරි වෙනවා මාලිමා ආණ්ඩුවේ නායකයන්ට අවුරුදු 50 ක් ගියත්.