IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රක්ෂිතයක් හාරලා:හිටපු ආණ්ඩුකාරවරයෙකුට ඇඟිල්ල

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිට වූ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බදුල දිස්ත්‍රික්මන්ත්‍රී දිනිඳු සමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මන්ත්‍රී දිනිඳු සමන් මහතා.

හල්දුම්මුල්ල මහ ලන්ද බෝගහ පැලැස්ස රක්ෂිතයට අයත් භූමියේ මේක වනජීවී රක්ෂිත භූමියක් අක්කර දාහකට අධික ප්‍රමාණයක් තියෙනවා. ජාවාරම්කාරයන් පිරිසක් අනවසරයෙන් වගා කරලා තියෙනවා. මේ ජාවාරම සඳහා හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවරයෙක් ඒ ආණ්ඩුකාරවරයා ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට විදුලි බල මණ්ඩලයට ලිපියක් යවලා බලපෑම් කරලා තියෙනවා. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අදාළ කටයුතු සිද්ධ කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලය මේ රක්ෂිතය හරහා විදුලිය ලබාදෙන්න විශාල මුදලක් වැය කරලා තියෙනවා.අනවසර ජාවාරම්කාරයන්ට විදුලිය දෙන්න පසුගිය රජය කටයුතු කරලා තිබුණා. අලින් යන අලිමංකඩ හරහා තමයි මේ වගාව සිද්ධ කරලා තියෙන්නේ. අක්කර දහස් ගණනක්. ඒ සතුන්ට කන්න තියෙන තණ භූමි ටික තමයි මේ අත්පත් කරගෙන තියෙන්නේ. මේක ඇතුලේ රජයේ නිලධාරීන් ඉඳලා තියෙනවා දේශපාලනඥයන් ඉඳලා තියෙනවා තියෙනවා. විවිධ පරිපාලන නිලධාරීන් ඉඳලා ව්‍යාපාරිකයන් ඉඳලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලය මෙය අනීතික ව්‍යාපෘතියට වැය කරපු මුදල අය කරගන්න කටයුතු කරනවාද.සමහර ගොවිසංවිධානත් මේකට උදව් කරලා තිබුණා තිබුණා.

 



අදහස් (0)

රක්ෂිතයක් හාරලා:හිටපු ආණ්ඩුකාරවරයෙකුට ඇඟිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site