
(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.
දිවයිනේ රක්ෂණ සමාගම් ශාඛා ගණනාවකින්ම මේ අත්දැකීම් විඳීමට සිදුවූ බව ඔවුහු සඳහන් කරති.
ඇතැම් රක්ෂණ සමාගම් අනතුරුවලට ලක්වන වාහන අලුත්වැඩියාව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදීම මැලිකමක් දක්වන බව අප කළ කරුණු සොයා බැලීමකදීද තොරතුරු අනාවරණය විය.
ආර්ථික අර්බුදය ඇතිවීමෙන් පසු මේ තත්වය උග්‍ර වූ බව බොහෝ දෙනා පෙන්වා දෙති.
සමහර අවස්ථාවලදී විවිධ කාරණා ප්‍රශ්න මතු කරමින් අනතුරට අදාල නියම තක්සේරු වටිනාකම ලබා නොදී මගහරින බව කියති.
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වගකිව යුත්තන්ට දැනුම් දී ඇතත් මෙතෙක් විසඳුම් ලැබී නැති බව ජනතාව පවසති.
මේ සම්බන්ධයෙන් අප සමග කරුණු දැක්වූ ශ්‍රී ලංකා උපස්ථායක සංගමයේ ප්‍රධාන ලේකම් ඔෂාන් චමීර සමන් කුමාර මහතා පැවසූවේ කලවාන ප්‍රදේශයේ රක්ෂණ ශාඛාවකින්ද තමාට මෙවැනි අත්දැකීමක් විඳීමට සිදුවූ බවයි.
වාහනේ අනතුරු රක්ෂණ වන්දිය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එහි නියෝජිතයන් විවිධ ප්‍රශ්න කියමින් එම රක්ෂණ වන්දිය ලබාදීම මගහැරි බව පැවසූ සමන් කුමාර මහතා මේ සම්බන්ධයෙන් තමා වගකිවයුතු අංශ වලට පැමිණිලි කර අැතැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රක්ෂණ සමාගම් කවද්ද හරි විදියට වන්දි දුන්නේ...? මම අවුරුදු 9 ක් intercontinental එකේ සම්පූර්ණ රක්ෂණයක් දාලා සල්ලි ගෙව්වා. සීරීම් ටිකක් හදන්න ගැරේජ් එකෙන් රුපියල් 30000 ක් දැම්මාම රු. 5000ක් දුන්නා. ආයේ කිසි දවසක සම්පූර්ණ රක්ෂණයක් දාන්නේ නෑ කියලා හිතා ගත්තා.
රක්ෂණය කියන්නේ හානි පූරණයක්. ඒක නිසා හානිය පූරණය කරනවා මිසක්, වැඩි පුර ගෙවීම් ගන්න බෑ. ඒක පැත්තකින් තියමුකෝ. උපස්ථායක කෙනාට වුනාම ඒක පත්තරේ දාන්නේ අනික් මිනිස්සුන්ට මෙච්චර කාලයක් වෙච්ච දේවල් දාන්නෙ නැද්ද?
ලංකාවේ නීතිගත හොරු රැලක් තමයි මේ රක්ෂණ සමාගම් කියන්නේ..මොවුන් වාහන හානි වලට නිසි වන්දි මුදලක් ලබා නොදෙන්න සේම, ඊට වඩා බරපතල කාරණය තමයි ජීවිත හානියකදී මොවුන් වන්දිමුදල් ගෙවීම සහමුලින්ම පැහැර හැරීම.. මේ ගැන හඬක් නගන්න කිසිවෙක් නැහැ.. දෙපාර්ශවය එකගව කිසියම් වන්දි මුදලක් දීම තමයි සිදු කරන්නේ.. ලංකාවේ ජීවිත හානියකට රක්ෂණ සමාගමකින් ගෙවන උපරිම රුපියල් ලක්ෂයක වන්දි මුදල ලබාගැනීමට වින්දිතයින්ට නඩු කියන්න සිදුවෙනවා..මෙය සාධාරණද..? වර්තමානයේ නීතිඥයින් අයකරන මුදල හා සසඳා බැලීමේදී මෙලෙස නඩු කීමෙන් පලක් තියෙයිද..? මම අහන්නේ ඇයි මේ ගැන ලංකාවේ බල්ලෙක් වත් කතා නොකරන්නේ..? බල්ලෙකුගේ ජීවිතය තරම් වත් මේ රටේ පුද්ගල ජීවිතයක් නොවටින නිසාද..? පොඩි දෙයටත් සද්දෙට උඩුබුරන අය මෙවැනි අසාධාරනකම් වලට හඬ අවදි නොකරන්නේ , නිවට කමටද..? නොදන්නා කමටද..? නැත්නම් එය ඔවුන්ට අයිති නැති අනුන්ගේ කාරනාවක් යයි හිතාගෙනද..? මොනා උනත් අනතුරක් කියන්නේ ලංකාවේ පොලිස් නිලධාරීන්ට නම් ලාභදායි කටයුත්තක් නේද..?
ඕක මට වුණා පහුගිය දවස්වල, මුළු වියදම කැපුව වර්තමාන වටිනාකමට වාහනය රක්ෂණය කරලා නැහැ කියලා, ඉතිරිය අතින් දැම්මා, අනතුර වුනේ හිතාමාතා කියලා හිතනවාද? මේක හැටියි කියලා මමත් හිත හදාගත්තා.. නමුත් මෙහෙම කරන්න බැහැ කියන එක අදයි දන්නේ. මේක කළේ අපේ රටේ ලොකුම රාජ්‍ය රක්ෂණ සමාගම...!
මට හිතෙන්නේ මේ බද්‍රානි තේරුමක් තියෙන වැදගත් කමෙන්ට් එකක් දැම්මාමද කොහෙද .සුභපැතුම්
කොරෝනා කාලේදී සහ ඉන්ධන අර්බුද කාලේදී වාහන ධාවනය අවම වුනා. රක්ෂණ වන්දි ගෙවීමට සිදු වුයේ අල්පයකි. එදා සමාගම් විශාල වශයෙන් ලාභ ලැබුවා
සමූපකාර රක්ෂණ සමාගම මටත් එහෙම කළා.. අඩුතක්සේරුව මත රක්ශණය කරළා කියලා රු. 66,000 ක් අඩුකළා... මම රක්ෂණය කළේ ඒකාලෙ තිබුනු වටිනාකමට. පස්සේ මම රක්ෂණ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කළා . ඔවුන් නිර්දේශ කළා වහාම ගෙවන්න කියළ. ඒ හින්දා අසාධාරණයක් සිදුවුවහොත් ඒකට පැමිණිලි කරන්න
අමානා එකේ වන්දිය ගන්න මාස 8ක් ගියා මුළු වන්දියෙන් 25% දුන්නේ. ලක්ෂ 2 වියදමට මුලින්ම දුන්නේ 5000යි. වන්දිය දුන්න දවසේම අයින් කරා.