IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


යොහානිගේ ‘‘මැණිකේ මගේ“ ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට

( තිළිණි ද සිල්වා)

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය ගීතය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.

මෙම ගීතය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ජනාකීර්ණ වීදියක කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ නම් 13 හැවිරිදි වීදි වයලීන ශිල්පිණියක කළ අනුවාදන සංගීතය රස වීදීමේ පසු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව පැවසුවාය.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් තැබූ සටහනේ මෙසේද සදහන් වේ.

''ශ්‍රී ලංකවේ ගීතයක් වූ ''මැනිකේ මගේ හිතේ ගීතය'' කැලිෆෝනියාවේ වීදියකදී කැරොලිනා වයලීනයෙන් වයනු අසා මම මහත් සතුටක් වින්දා. මම බලාපොරොත්තු වෙනවා ඔබත් ඒ අයුරින්ම සතුටු වෙයි කිය. සංගීතය විශ්ව භාෂාවක් බව මින් වඩ වඩාත් තහවුරු වූ යැයි ද තානාපතිවරිය සිය ට්විටර් සටහනේ සදහන් කර තිබිණි.

නව පරපුර් ගායකාවක වන යොහානි ද සිල්වා ගායනා කළ ''මැණිකේ මගේ හිතේ '' ප්‍රතිනිර්මාණ ගීතය මේ වන විට අන්තර්ජාලයේ යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ කෝටි 12 ක පමණ පිරිසක් නරඹා ඇති අතර ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතර රැදී සිටී.

 



අදහස් (9)

යොහානිගේ ‘‘මැණිකේ මගේ“ ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට

යෝගා Saturday, 25 September 2021 10:28 AM

යොහානි, මුලු ලෝකයෙන්ම සම්මානත් අපේම රටේ සමහර ඉරිසියාකාරයින්ගේ මඩත් එක ලෙස විඳ දරා ගැනීමට පුරුදු වන්න. ඔබට ජය...!!!

:       3       56

Shan Saturday, 25 September 2021 12:33 PM

මේ සින්දුවේ හඬ විතරක් නොවේ... යොහානිගේ සින්දුව කියනවිට ඇස්, මුහුනේ ක්‍රියාකාරකම් සියල්ලම අසන්නාට ලොකු මානසික වින්දනයක් ලැබෙනවා. ඒ කියන්නේ සර්ව සම්පූර්ණ ගීතයක්...

:       3       41

Nilantha Perera Saturday, 25 September 2021 01:05 PM

දුවේ, ඔබ ගැන ආඩම්බරයි.

:       3       29

ලුම්බිණි Saturday, 25 September 2021 05:24 PM

ඔබට ජය...!

:       1       11

rocky Saturday, 25 September 2021 06:23 PM

ලබන සැරේ ඡන්දෙට ඉදිරිපත් කරන්න සුදුසුයි..!!!

:       10       4

hesa Saturday, 25 September 2021 07:56 PM

නියමයි සුපිරි

:       0       4

Bandara Saturday, 25 September 2021 08:09 PM

ඒ ළමයාට ගයනා කරන්න දීලා ඒ පැත්තෙන් ඉස්සරහට යන්න උදව් කරන්න

:       0       9

milton Sunday, 26 September 2021 02:54 AM

මට නම් මේ ගීතයේ එච්චර විශේෂයක් දැනෙන්නේ නැහැ .මීට වැඩිය හරවත් ලස්සන සිංහල ගීත මම අහලා තියනවා .කොහොම නමුත් මේ ළමයා දක්ෂයෙක් .අලුත් තාලයට නව දෙයක් කරලා තිබෙනවා .සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .

:       3       7

L.G.P.jathunarachchi. Wednesday, 29 September 2021 08:57 AM

මෙම ශ්‍රී ලාංකික දියණියගේ උත්සාහය බෙහෙවින් අගය කරන අතර ඉතා කෙටි කාලයකදී අප වෙනුවෙන් තවත් ගීත නිර්මාණය කරන ලෙස ඇයට කාරුණිකව ආරාධනා කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 78 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 914 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2534 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site