IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි

 

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත්  අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ රතු නිවේනය අද 22  වනදා සවස දක්වා යළිත් නිකුත් කර ඇත.

එමෙන්ම තවත්  දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කාට්ඨාස  15  කට දෙවන මට්ටමේ  නිවේදනය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 කට පළමු මට්ටමේ අවවාදාත්මක නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්   නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ උඩදුම්බර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ නුවරඑළිය  දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත සඳහා තෙවන මට්ටමේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කර තිබේ.

එයට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, මීගහකිවුල, පස්සර කන්දකැටිය, සොරණාතොට, හාලිඇල,සහ බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව  පාතහේවාහැට, යටිනුවර,පන්විල, ගඟවට කෝරළය,උඩුනුවර, පස්බාගේ කෝළය,හාරිස්පත්තුවතුම්පනේ,පාතදුම්බර, අකුරණ,හතරලියද්ද, දෙල්තොට,පූජාපිටිය, මිනිපේ,උඩපළාත, ගඟඉහළ කෝරළය, සහ කුණ්ඩසාලේ,  කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, මාතලේ, යටවත්ත, රත්තොට,නාවුල, අඹන්ගඟ කෝරළය,ලග්ගල පල්ලේගම , විල්ගමුව සහ පල්ලේපොළ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන  මට්ටමේ නිවේදනයද නිකුත්  කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ඇල්ල,බණ්ඩාරවෙල, හපුතලේ,හල්දුම්මුල්ල සහ ඌව පරණගම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාවතගම,අලව්ව සහ මල්ලවපිටිය,සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ,  අඹගමුව කෝරළය,කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22)  පස්වරු 4.00    දක්වා බල පැවැත්වෙන  බවත්  එම සංවිධානය කියයි.

තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති මෙම  ප්‍රදේශවලට පසුගිය පැය 24 කාලය තුල මිලි මිටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්  වර්ෂාව තව දුරටත් පවතී නම් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි. දෙවන මට්ටමේ  නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශවලට පසුගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ සහ පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්ද ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (1)

යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි

Bunny Preena Monday, 22 December 2025 02:34 PM

නිවේදන නිකුත් කළා වගේ නම් කරන ලද ආරක්ෂිත ස්ථාන ගැන වරින් වර මහජනතාව දැනුවත් කරනවා නම් හොදයි කවදාවත් හිතපු නැති විදියක් නේ වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site