
(යොහාන් භාසුර)
යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්‍ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය.
නීතිඥ සාගර කාරියවසම් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදීම ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
බොරු පවසා ආණ්ඩු බලය ගෙන රැවටීම කුමක්ද කියන එක ජනතාවට පැහැදිලි කිරීමට වැඩපිළිවෙලක් “ ගමින් ගමට ” යැයි වැඩසටහනක් ආරම්භ කළ බවත් එම වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී ජනතාව රැවටුණේ යැයි තේරුම් ජනතා විමුක්ති පෙරමුණට පාඩමක් ඉගැන්වීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.
එම වැඩසහනට බියවූ ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා සේම විවිධ වංචනික ක්‍රියාමාර්ග සහ අනීතික ක්‍රියාමාර්ග ඵවා ගනිමින් සිටින තත්වයක් නිර්මාණය වී ඇති බව කී ඒ මහතා පසුගියදා බොරු සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ බව ද සඳහන් කළේය.
ජනතාව හිනස්වන සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ ආණ්ඩුව නාමල් රාජපක්ෂ මැතිතුමා වටා ජනතාව එකතුවීම මත නාමල් රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශාල කුමණ්ත්‍රණයක් දියත් කරන බව සාක්ෂි සාධක සහිතව ඔප්පු වෙමින් පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකගෙන් පුදුම කන් කරච්චලයක් තියෙන්නේ. මෙයාගෙ ලොක්කො මලබද්ධෙට බේත් අරං දීලා ටොයිලට් එකේ මයික් ටිකක් හයිකරල දුන්නනං කනක් ඇහිල ඉන්ඩ පුලුවං වෙයි.
දැන් යලි එන්නේ යහපාලන කාලේ මතු කලත් ඩීල් දාලා යට ගහපුවා. මේව ජනතාව දන්නවා . නාමල් බේබි වටා ජනතාව රොක්වීමේ සිහිනය සැබෑ කරගන්න නම් ගොං කතා නොකිය ජනතාවගේ පැත්තෙන් ඉඳල බුද්ධිමත්ව හැසිරිය යුතුය.
අනේ. සාගර. සත්‍ය කුමක්ද යන්න පිළිබදව ජනතාව හොඳටම දන්නව නේද? අපේ. රට උලා කාපු පර හැත්ත නැවත බලයට ගේන්න ජනතාවට පිස්සු නැහැ. ඔයාට හිතේනවද මාලිමා ආන්ඩුව ජනතාවට එපාවේලා කියලා , ඒ තමයි ඔයාගේ දේශපාලන බංකොලොත් බව. ඔයාලට කවදාහරි වෙන්නේ අර නරීයට වෙච්ච වැඩේ. කරුණාකර දැන්වත් මෝඩකම පෙන්වීම නවත්වන්න.
මේ යෝධයා හීනෙං දොඩවනවා..! අවදිවෙයං යකෝ…!
නෑමෝලයා වටේ ජනතාව එකතුවෙනවා නෙවෙයි හලෝ. ජනතාව ඉන්න තැන්වලට නෑමෝලයා රිංගනවා.
යහපාලන ආණ්ඩුව ගෙනාවේ අසත්‍ය චෝදනා නෙවෙයි! නමුත් යහපාලන ආණ්ඩුව පොහොට්ටු හොරු විසින් අල්ලනු ලැබුවා! මේ ආණ්ඩුව වත් ජනතාවට යුක්තිය ඉටු නොකලොත් ඊලඟට එන්නේ මහජන විප්ලවයක්.
යහ පාලනයේ රනිල් ,විජේදාසලා
මෙයාගේ ෆයිල් එකත් ළඟදීම එලියට එයි
ඩෝබිලාට මල පැනලා, හේදිල්ල පැත්තක දාලා මඩ අනනවා. ගවපාලන කාලේත් ඔය ගවයෝ ටික හිටියෙ රනිල්ගෙ ඔඩොක්කුවෙ.
අනේ සාගර මහත්තයෝ කෙඳිරි ගාන්නේ නැතුව පොලිසියට හරි මානව හිමිකම් හෝ ජාත්‍යන්තර පොලිසියට පැමිණිල්ලක් දාන්නකෝ .බොරු චෝඅදනා දානවයි කියලා . ඔබත් නීතිඥයෙක් නේද